• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනතක් ගෙන එනවා – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

3 April 2024
in දේශීය, පුවත්
සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

එසේම මේ වන විටත් ගැසට් කර තිබෙන කාන්තාවන් සවිබලගැන්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු ජාතික කාන්තා කොමිසම පිහිටුවීමට අවස්ථාව හිමි වන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය “ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සඳහා 2024.03.04 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව 2024.03.07 දින එම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කළා. එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතයි. ජාතික කාන්තා කොමිසම පිහිටුවීමට අදාල ප්‍රතිපාදන මෙම පනත තුළ අන්තර්ගත වී තිබෙනවා. කාන්තාවන් සවිබලගැන්වීමේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය ද 2024.03.20 වනදා දින පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් සිදුකළා. ඒ සඳහා ජනාධිපති කාර්යාලය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවකරුවන් රාශියක්ම සහභාගී වී සිටියා. කාන්තාවන් සවිබලගැන්වීමේ පනත් කෙටුම්පත පිළිබඳව ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළා. එහිදී සතියක් තුළ එම නිරීක්ෂණ පිළිබඳ සලකා බැලීමටත් ඉන් පසුව තවදුරටත් අවශ්‍ය සංශෝධන ඇත්නම් පනත් කෙටුම්පත නැවත ගැසට් කර පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසඳය තීරණය කළා. එමෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් නඩුවක් ගොනු කිරීමට ඇයගේ සමීප කෙනෙකුට ඉදිරිපත් වීමට අවස්ථාව හිමි වීම ඇතුළු වැදගත් වගන්ති ගණනාවක් ඇතුළත් කළා. දැනට පවතින ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සංශෝධනය කර, නව පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ගම්පහ, රත්නපුර, කොළඹ, මාතර, මඩකලපුව, අනුරාධපුර, මොනරාගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් හිංසනයට පත් කාන්තාවන් සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 11 ක් ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබෙනවා. එය ගැසට් කිරීම සඳහා ඉදිරියේ දී රජයේ මුද්‍රණාලය වෙත යැවීමට කටයුතු කරනවා. තවද ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ප්‍රචණ්ඩත්වයෙහි වින්දිත කාන්තා රැකවරණ නිවාස කළමනාකරණ ජාතික මාර්ගෝපදේශය සඳහා ද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,619
Previous Post

නව අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය වැඩ අරඹයි

Next Post

කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී ඇති ගැටළු කඩිනමින් විසඳීමට ජනපතිගෙන් උපදෙස්

editor ttvnews

editor ttvnews

Next Post
කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී ඇති ගැටළු කඩිනමින් විසඳීමට ජනපතිගෙන් උපදෙස්

කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී ඇති ගැටළු කඩිනමින් විසඳීමට ජනපතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved