• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිට හිතේ හැටියට මුදල් වියදම් කරන්න අයිතියක් නෑ -ජවිපෙ සුනිල් කියයි

6 May 2020
in දේශීය

ජනාධිපතිවරයාට හිතෙන හැටියට මුදල් වියදම් කරන්න නීත්‍යානුකූල අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා අද (06) එම පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ජනාධිපතිවරයා මුදල් වියදම් කරන්න බලයක් නොමැතිව ඒකාධිපති ස්වරූපයකින් බලයක් අතට ගෙන ව්‍යාජ ලේඛනයන් සකස් කර තිබීම ඉතාමත් බරපතල තත්ත්වයක් බවයි.

මුදල් ඇමතිවරයා, අමාත්‍යාංශ නිලධාරින් මේ වගේ ගිණුමක් සකස් කළ බවට පිළිගන්නවාද කියලා රටට පැවසිය යුතු බව හෙතෙම පැවසිය.

සුනිල් හදුන්නෙත්ති මහතා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය “අගමැතිවරයා සෙල්ලම් පාර්ලිමේන්තුව රැස්කරලා කියපු එකම දේ විදේශ ආධාර ලැබුණේ නැහැ කියන එකයි. ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් අහලා මුදල් ඇමතිවරයා ප්‍රශ්නයට උත්තර ලබාදීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට පැවරුවා. ආණ්ඩුව ප්‍රශ්නයෙන් පළාගිහින් සල්ලි ලැබුණේ නැති බව කිව්වා. ආණ්ඩුවම තමයි කිව්වේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ පිළිඅරගෙන ලෝක බැංකුවෙන්, යුරෝපා සංගමයෙන් මුදල් ලැබෙන බව. රටේ ජනතාව දැන් ප්‍රශ්න කරන්නේ ඒ ගැනයි. යුරෝපා සංගමය යුරෝ මිලියන 22ක් අනුමත කර තිබෙන බව අප්‍රේල් 09වැනිදා ආණ්ඩුව කිව්වා. අප්‍රේල් 12වැනිදා කිව්වා ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 1.3ක් අනුමත කර තිබෙන බව. මාර්තු 18වැනිදා කිව්වා චීනයෙන් ඩොලර් මිලියන 500ක් අනුමත කර තිබෙන බවත් තව 500ක් වැඩිකර ගන්න කටයුතු කරන බවත්. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128ක් අනුමත කර ඇති බවත් කිව්වා. අගමැතිතුමාගේ සාකච්ඡාවේදී මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයටවත් හරියට උත්තර දුන්නේ නැහැ.

තානාපති කාර්යාල හරහා විදේශ රටවල ඉන්න ලාංකිකයන්ගෙන් මුදල් ලැබිලා තියෙනවා. ඒ රටවල්වල ඉන්න ලාංකිකයන් මේ වසංගතයට ගොදුරු වෙලා ඉන්න අතර සල්ලි එකතු කරලා දුන්නා. රජයේ නිලධාරීන් පවා කොවිඞ් අරමුදලට සල්ලි දුන්නා. තව පැත්තකින් තෙල් අරමුදලක් හදන බව ආණ්ඩුව කියනවා. මේ විදියට රටේ ජනතාවත් අනික් පැත්තෙන් විදේශ රටවල් සහ සංවිධාන ලබාදුන් ණය හෝ සහනාධාරත් ලැබුණේ නැහැ කියන මතය තහවුරු කරන්න මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ආණ්ඩුව ජනතාව රවට්ටමින් මුදල් ගසාකන්න උත්සහ කරනවද කියලා සැකයක් තිබෙනවා.

ජනතාව පීඩනයට පත් වෙලාවේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ ආණ්ඩුව වැඩ කරමින් ඉන්නේ. අපි ආණ්ඩුවට බල කරන්නේ රාජ්‍ය ඇමතිවරුන්, ඇමතිවරුන් ඇතුලු අය මැතිවරණ නීතියටත් විරුද්ධව මහජන ධනය අවභාවිතා කරමින් සිටීම වහාම නතර කරන ලෙසයි. ජනතාවට අවශ්‍ය සහනාධාර වහාම ලබාදෙන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් සාධාරණ ලෙස ක්‍රියාවට නගන ලෙස අපි බලකර සිටිනවා. ඒ වෙනුවෙන් හඬක් ජනතා විමුක්ති පෙරමුණේ අපි නගමින් ඉන්නවා. සියලු ජනතාව මේ මොහොතේ පවතින තත්වය තේරුම් අරගෙන වගකීමකින් ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ආණඩුව ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් වගකීමකින් ක්‍රියා කරන ලෙස බල කර සිටිනවා . යැයි සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි

Post Views: 2
Previous Post

කොවිඩ් හමුවේ ක්ශේත්‍ර රාජකාරී කරන නිලධාරීන්ට අමතර දීමනාවක්

Next Post

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමට කැබිනට් අනුමැතිය

editor

editor

Next Post

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමට කැබිනට් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved