ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරන ලද වෙළඳ යුද්ධය සහ තීරුබදු ප්‍රතිපත්ති හමුවේ කැනේඩියානු ජනතාව දේශීය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින බව වාර්තා වේ.
කැනඩාව සහ ඇමරිකාව අතර උද්ගත වී ඇති වෙළඳ ගැටලු සහ කැනඩාව සම්බන්ධයෙන් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන් කැනේඩියානුවන් අතර දේශප්‍රේමී හැඟීම් වර්ධනය වී තිබේ. වෙළඳසැල්වල දේශීය නිෂ්පාදන හඳුනාගැනීම සඳහා විශේෂ ලකුණු යොදා ඇති අතර, පාරිභෝගිකයන් ඇමරිකානු භාණ්ඩ වර්ජනය කරමින් දේශීය විකල්ප වෙත මාරු වීම මේ වන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.
කෙසේ වෙතත්, අඛණ්ඩව ඉහළ යන තීරුබදු සහ ආර්ථික පීඩන හමුවේ දේශීය වෙළඳපොළ තුළ පාරිභෝගිකයන්ට කොපමණ කාලයක් මෙම මිල ගණන් දැරීමට හැකි වේද යන්න පිළිබඳව වෙළඳ විශ්ලේෂකයෝ විමසිල්ලෙන් පසු වෙති.














