27 April 2024
#දේශීය

ස්වයං උත්පාදිත ආදායම් මගින් ව්‍යපෘති සිදුකිරීම අන් පළාත් පාලන ආයතන වලට ආදර්ශයක් – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

අඩු ආදායම් ලබන නව පළාත් පාලන ආයතනයක් වූවත් අඹගමුව ප්‍රාදේශය සභාව තම ස්වයං උත්පාදිත ආදායම් මගින් ව්‍යපෘති සිදුකිරීම අන් පළාත් පාලන ආයතන වලට ද ආදර්ශයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

මේ බව ඒ මහතා සදහන් කර සිටියේ අඹගමුව ප්‍රාදේශීය සභා ආදාහනාගාරය සදහා මුල්ගල් තැබීමේ අවස්ථාව සදහා පසුගිය 26 වනදා සහභාගී වු අවස්ථාවේදීය.

රුපියල් මිලියන 24 ක ප්‍රාදේශීය සභා අරමුදල් යටතේ ඉදිකිරීමට නියමිත මෙම ආදාහනාගාර ව්‍යාපෘතිය 2022 අප්‍රේල් මස දී නිම කිරීමට දැනට සැලසුම් කර ඇති අතර, මෙම මුල්ගල් තැබීමේ අවස්ථාව සදහා වනජීවී අමාත්‍ය සී.බී.රත්නායක, අඹගමුව ප්‍රාදේශීය සභා සභාපති ජයසංඛ පෙරේරා, මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති එස්.බී.රත්නායක, මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්, හැටන් කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ද අල්විස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ ඈත අතීතයේ මෙන් ස්වයංපෝෂිත ආර්ථික රටාවක් ගොඩනගමින් පෙර පැවති පෞඩත්වය රට තුල නැවත ඇති කිරීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජ‍ය විසින් “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ යමින් විධිමත් වැඩසටහනක් ඔස්සේ කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ වූවත් ක්‍රියාකරමින් පවතින බවත්, ඒ සදහා සියලු දෙනා සහයෝගය ලබාදිය යුතු බවත්ය. ජන සමාජයේ ශිෂ්ඨත්වය රැදී පවතින්නේ සංඝයාවහන්සේලාගේ මගපෙන්වීම මත බවත්, පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම සදහා පළාත් සභාවක් වෙත වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් තමා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව වෙන්කළ බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේය.

 

මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *