ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් පසුගියදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි චරිත් අබේසිංහ අද (30) දිනයේ ඇප මත නිදහස් කර තිබේ.
මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව නීතිඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 28 වැනි දින ඇප නියම කරනු ලැබීය.
එහිදී අනෙකුත් සැකකරුවන් ඇප කොන්දේසි සපුරා මුදා හැරුණද, චරිත් අබේසිංහට එම කොන්දේසි සපුරාලීමට නොහැකි වීම නිසා එදින යළි බන්ධනාගාර ගත කරනු ලැබූ අතර, ඔහු අද දින එම කොන්දේසි සපුරාලීමෙන් පසු මෙලෙස නිදහස් වී ඇත.














