චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව විසින් එරට රාජ්‍ය මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ තනතුරු හෙබවූ ජ්‍යෙෂ්ඨතම හමුදා නායකයින් දෙදෙනෙකු වන ජෙනරාල් ෂැං යූශියා සහ ජෙනරාල් ලියු ෂෙන්ලිඑම ධුරවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සින්හුවා පුවත් සේවය වාර්තා කරයි.
ජනාධිපති ෂී ජින්පින්ග්ට පසුව මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ දෙවන බලවත්ම තනතුර වූ උප සභාපති ධුරය දැරූ ෂැං යූශියා සහ ජොයින්ට් ස්ටාෆ් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලියු ෂෙන්ලි යන දෙදෙනාට එරෙහිව “දැඩි විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන්” සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව බලධාරීන් ප්‍රකාශ කර තිබුණි.
ජනාධිපති ෂී ජින්පින්ග්ගේ හමුදා සංශෝධන සහ දූෂණ විරෝධී මෙහෙයුම් යටතේ සිදු වූ මෙම අතිශය තීරණාත්මක ඉවත් කිරීම, චීන මහජන විමුක්ති හමුදාවේ ඉහළම නායකත්වයේ සිදුවූ විශාලතම පෙරළියක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.














