ඉදිරියේදී පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක සමුළුව අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර විශේෂ ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අග්‍රාමාත්‍යවරයාගේ උස්බෙකිස්තාන සහ කිර්ගිස්තාන සංචාරයට පෙර මෙම තොරතුරු තහවුරු කර ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා රුසියාවේ කළ දෙදින නිල සංචාරයේදී ජනාධිපති පුටින් හමුවීමෙන් පසුව මෙම නිල හමුව පිළිබඳ තොරතුරු එළිදැක්වීම විශේෂත්වයකි. මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල ඉදිරි පියවර සහ සහයෝගිතාව පිළිබඳව ප්‍රධානීහු පුළුල් ලෙස සමාලෝචනය කිරීමට නියමිතය.














