චීන විද්‍යා පර්යේෂණ කණ්ඩායමක් විසින් චන්ද්‍රයාගේ 1:5,000,000 පරිමාණයෙන් යුත් නව භූ විද්‍යාත්මක සිතියම් අනුවාදයක් එළිදක්වා තිබේ.
දිගින් සෙන්ටිමීටර 280ක් සහ උසින් සෙන්ටිමීටර 120ක් වන මෙම සිතියමට චන්ද්‍රයාගේ උතුරු සහ දකුණු ධ්‍රැවයන්හි අර්ධ වශයෙන් සැකසූ භූ විද්‍යාත්මක සිතියම් ද ඇතුළත් කර ඇත. චන්ද්‍ර මතුපිට ඇති ආවාට 13,000කට අධික ප්‍රමාණයක් සහ ද්‍රෝණි 81ක් ඉතා නිවැරදිව සලකුණු කර ඇති අතර, ඒවා භූ විද්‍යාත්මක ව්‍යුහයන් 14කට සහ පාෂාණ වර්ග 17කට වර්ගීකරණය කර තිබීම විශේෂත්වයකි. මෙම නව සිතියම මඟින් චන්ද්‍ර ගවේෂණ කටයුතු සඳහා තීරණාත්මක විද්‍යාත්මක සහායක් ලැබෙනු ඇති බව චීන භූ විද්‍යා ඇකඩමියේ, භූ විද්‍යා ආයතන අධ්‍යක්ෂ Yang Zhiming මහතා පවසා ඇත.














