• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෙන රටක පුරවැසිභාවය ගන්නේ රටට ආදරේ නැති අයයි

29 June 2018
in ක්‍රීඩා

පුද්ගලයකු තමන් උපන් රට අතහැර වෙනත් රටක පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ තමා උපන් දේශය පිළිබඳ ආදරයක් හෝ රට පිළිබඳ අවංක හැඟීමක් නොමැති නිසා බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ලොව පුරා මහත් අපකීර්තියට පත් ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ උපන්බිම වූ ඔස්ට්‍රියාව මෙන්ම හිට්ලර් විසු ජර්මනියේ පවා හිට්ලර් මෙන්ම හිට්ලර් විසින් ක්‍රියාත්මක කළ ෆැසිස්ට්වාදී පාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන සමයක ඇතැම් පිරිස් මෙරට හිට්ලර් පන්නයේ පාලනයක් අපේක්ෂා කරමින් අදහස් ප්‍රකාශ කිරීම තරයේ හෙලා දකින බවයි.

ජර්මනිය වර්තමානයේ දී ලොව පුරා රටවල ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මානව අයිතිවාසිකම් ඇති කිරීම වෙනුවෙන් විශාල වශයෙන් ආධාර අනුබල ලබා දෙමින් සිටින්නේ හිට්ලර්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කළ ෆැසිස්ට්වාදී පාලන ක්‍රමයක ඇති මනුෂ්‍යත්වය නිගා දෙන කෘර අත්දැකීම් පිළිබඳව අවබෝධ කරගෙන ඇති බැවින් බව ද මහලේකම්වරයා වැඩිදුරටත් පැහැදිලි කළා.

එසේම නිදහස් මිනිසුන් ජීවත්වන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් සහිත අපගේ රටට එවැනි ෆැසිස්ට්වාදී පාලන ක්‍රමයක් ඇතිකිරීමට සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරේ විශ්වාසය තබන මෙරට ජනතාව කිසිසේත් ඉඩ නොදෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ජනාධිපතිවරණයට ඉල්ලා සිටින්නේ නම් පමණක් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා බව ප්‍රකාශ කර ඇති බවයි. ඉන් පෙනී යන්නේ එසේ නොමැතිනම් ඔහු ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට කැමැත්තක් නොදක්වන බව යැයි පැවසූ මහලේකම්වරයා ශ්‍රී ලංකාවට ආදරේ නම් ජනාධිපතිවරණයට පෙනී සිටිය නැත ද හැකිනම් ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත්කර ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන බව ද පැවසුවා.

පුද්ගලයකු තමන් උපන් රට අතහැර වෙනත් රටක පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ තමා උපන් දේශය පිළිබඳ ආදරයක් හෝ රට පිළිබඳ අවංක හැඟීමක් නොමැති නිසා බව පැවසූ මහ ලේකම්වරයා දේශියත්වය අපේකම ගැන ව්‍යාජ ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටිය ද ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික අනන්‍යතාව ප්‍රතික්ෂේප කරමින් ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගෙන ඇති බවත් එය අතහැරීමට ඔහු කිසිවටක සූදානම් නොමැති බවත් පෙන්වා දුන්නා. එසේම ඔහු ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට සූදානම් බව පවසන්නේ ද තමන්ගේ බලලෝභී අවශ්‍යතාවක් ඉටුකරගැනීමට විනා ශ්‍රී ලංකාවට සැබෑ ලෙස ආදරය නිසා නොවන බව ද මහලේකම්වරයා පෙන්වා දුන්නා.

හිට්ලර් සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇති සමානකම් පිළිබඳ අදහස් දැක්වූ මහලේකම්වරයා ප්‍රකාශ කළේ හිට්ලර්ට ද ජර්මනියේ පුරවැසියකු නොවූ බැවින් ජර්මන් පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් නොයෙක් දේ සිදු කළ බවයි.

හිට්ලර් පාලන බලය ලබාගෙන පළමුවෙන්ම සිදු කළේ ජර්මන් පාර්ලිමේන්තුව ගිනි තබා ජර්මනිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති කර දැමීම බව පැවසු මහලේකම්වරයා පසුගිය දිනවල අවස්ථා රාශියක දී ම ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට එරෙහිව සිදු කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියා සිහිගන්වනේ හිට්ලර් විසින් එවකට ජර්මනියේ සිදු කළ පරිදි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගිනිතැබීම හා සමාන ක්‍රියාවන් බව ද සිහිපත් කළා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ලැබ මෙරට විශ්වවිද්‍යාලයකින් උපාධිය හදාරා ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ලෝකයේ ඕනෑම රටක සංචාරය කළ හැකි පුද්ගලයකු බව ද මහලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.​

Post Views: 11
Previous Post

අද ඉදන් 16 ක් නෑ

Next Post

බය නැතිව වගා කරන්න

editor

editor

Next Post

බය නැතිව වගා කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved