27 April 2024
#ක්‍රීඩා

අද ඉදන් 16 ක් නෑ

මාධ්‍ය තුළින් 16 කණ්ඩායම සම්බන්ධයෙන් ප්‍රශ්ණ නොඅසන ලෙසත් එය විපක්ෂයේ 70 කණ්ඩායමක් ලෙස එක්ව ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (28) පොදු ජනපෙරමුණ පක්ෂයේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අබේගුණවර්ධන මහතා කියා සිටියේ අද දිනයෙන් පසු 16 කණ්ඩායම වශයෙන් තම පිරිස වෙන් නොකරන ලෙසත් එම පිරිසත් ඒකාබද්ධ විපක්ෂයට එක් වු බවයි.

ආණ්ඩු විරෝධි ප්‍රගතිශිලි බලවේගයක් ඇති කිරීමට මෙලෙස එක් වු බව හෙතෙම කියා සිටියේය. එසේම සඳුදා පස්වරු 4 ට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමටත් තම කණ්ඩායම සහභාගි වන බව අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *