• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පෙරේරා ඇන්ඩ් සන්ස් ‘මනු මෙහෙවර’ තුළින් නැවතත් ග්‍රාමීය ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම්

27 March 2024
in පුවත්, වෙනත්
පෙරේරා ඇන්ඩ් සන්ස් ‘මනු මෙහෙවර’ තුළින් නැවතත් ග්‍රාමීය ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම්

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම අවන්හල් ජාලයක් වන, වසර 120 කට අධික සාඩම්බර ඉතිහාසයක් හිමි පෙරේරා ඇන්ඩ් සන්ස් (පුද්.) බේකරි සමාගම [Perera & Sons Bakers (Private) Limited (P&S)] තම ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘මනු මෙහෙවර’ යටතේ පසුගියදා තවත් සමාජ සත්කාරයක් සිදුකළේ ය.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහළ කෝන්කඳවල, වීරපොකුණ ග්‍රාමයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් Reverse Osmosis (RO) යන්ත්‍රාගාරයක් පරිත්‍යාග කරන ලදී. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, පෙරේරා ඇන්ඩ් සන්ස් (පුද්.) බේකරි සමාගම සමඟ අත්වැල් බැඳ ගෙන තිබේ.

පිරිසිදු පානීය ජලය හිඟකම යනු ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව බහුලව මුහුණ දෙන ගැටලුවකි. මෙම පරිත්‍යාගය, එම ගැටලුව අවම කිරීම සඳහා P&S ගන්නා උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම යන්ත්‍රාගාරය මගින් 1,000 කට අධික පිරිසකට තම දෛනික පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වනු ඇත. මීට පෙර P&S මනු මෙහෙවර මගින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලටද RO යන්ත්‍රාගාරයක් ලබාදීමට පියවර ගෙන තිබිණි.

P&S කළමනාකාර අධ්‍යක්ෂ ගිහාන් පෙරේරා මහතා, මෙම වැඩසටහනට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට සිය ස්තූතිය පළකළ අතර, ඔහු විසින් මෙසේද අදහස් දක්වන ලදි. “
මෙය ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් අප දරන ප්‍රයත්නයන්හි නවතම පියවර ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ජනතාවගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇතිකිරීමට මෙලෙස දායක වීමට හැකි වීම අපට මහත් ගෞරවයක්. එමෙන්ම මෙම ප්‍රජා සත්කාරය, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 6 වන ඉලක්කය වන ‘පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව’ යන්නට සමගාමී මෙහෙවරක් බව සතුටින් සිහිපත් කිරීමට කැමතියි. ඉදිරියටත් මෙවැනි ප්‍රජා සත්කාරයන් ඔස්සේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවීමට අප බලාපොරොත්තු වනවා.”

පෙරේරා ඇන්ඩ් සන්ස් බේකරි සමාගම ක්‍රියාවට නංවා ඇති ‘මනු මෙහෙවර’ වැඩසටහන යටතේ අධ්‍යාපනය, සෞඛ්‍යය, පාරිසරික තිරසාරත්වය සහ සමාජ සුභසාධනය ඇතුළු අංශ රැසක් ආවරණය වේ. 1902 වසරේදී ආරම්භ වූ එම සමාගම, ප්‍රණීත ආහාරපාන මෙන්ම නොසැලෙන සමාජ මෙහෙවර තුළින්, රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවුණු සාඩම්බර දේශීය සන්නාමයක් වශයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගැනීමට සමත් වී සිටී.

Post Views: 9,578
Previous Post

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

Next Post

කෙන්යාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත පූර්ණ හමුදා ගෞරව පිරිනැමේ

editor ttvnews

editor ttvnews

Next Post
කෙන්යාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත පූර්ණ හමුදා ගෞරව පිරිනැමේ

කෙන්යාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත පූර්ණ හමුදා ගෞරව පිරිනැමේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved