• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කරදියාන ඝන අපද්‍රව්‍ය විදුලි ව්‍යාපෘතියේ වැඩ යළි අරඹනවා -ඇමති ඩලස් කියයි

20 February 2021
in දේශීය

මේ වනවිට අතරමග නවතා දමා තිබෙන කරදියාන ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් පිළිබදව කරුණු සොයා බලා ඉදිකිරීම් වැඩකටයුතු යලි ඇරඹීමට අවශ්‍ය පියවර ගතයුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) විශාල අර්බුදයක්ව පවතින කසල ගැටළුව විසදීමට ගත හැකි පියවර සහ එම පියවරයන් අතරින් සුවිශේෂී විසදුමක්වන කසල යොදාගනිමින් විදුලිය නිපදවීම සම්බන්ධව විදුලිබල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යෘපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ප්‍රමුඛ පළාත්සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, පාරිසරික අමාත්‍යාංශය සහ විදුලිබල අමාත්‍යාංශය යන ආයතන එක්ව පැවැති සාකච්ඡවේදිය.

මේ වනවිට කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිවූ සකල යොදාගනිමින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු පසුගියදා ආරම්භ වූ අතර එමගින් දෛනිකව කසල ටොන් 700 ක් යොදා ගනිමින් මෙගාවොට් 10 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. මෙමගින් කසල නිසා ඇතිවන පාරිසරික ගැටලුව විසදෙන අතරම එමගින් ජාතික විදුලිබල පද්ධතියටද ලැබෙනුයේ ඉමහත් දායකත්වයකි.

එබැවින් දිවයින තුළ තවත් මෙවැනි බලාගාරයන් ස්ථාපිත කිරීම යෝග්‍ය බව පැවසූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, තවත් අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවිය හැකි බලාගාර 02 ක් ස්ථාපිත කිරීමට පියවර ගතයුතු බව පැවසීය. ඒ අනුව පසුගිය වකවානුවේදී යෝජනා ඉදිරිපත් වී මේ වනවිට අතහැර දමා ඇති කදිරාන ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට යෝජිත අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවිය හැකි විදුලි බලාගාරයේ වැඩකටයුතු පළමුව ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව ආයෝජකයන් දිරිමත් කර අදාළ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ඇරඹීමට කටයුතු කරන ලෙස ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා විසින් උපදෙස් සපයන ලදී. තවද අතිගරු ජනාධිපතිතුමා සමග අදාළ පාර්ශවයන් සියල්ල එක්රැස් වී කසල ගැටලුව සහ ඒ සඳහා ගතහැකි පියවරයන් සම්බන්ධවත්, කසල මගින් විදුලිය නිපදීමේ කාර්යය සම්බන්ධවත් අවසන් නිගමනයකට එළඹිය යුතු බවද අමාත්‍යවරයා විසින් පැවසීය.

ජාතික මට්ටමේ ගැටළුවක්වන කසල ගැටළුව සම්බන්ධයෙන් එක් එක් පාර්ශවයන් විසින් තනි තනිව විසදුම් සෙවීමට යාමෙන් මෙම තත්ත්වය තවතවත් උග්‍රවී ඇති බවත්, ඒ අනුව මෙයට අදාළ ආයතන සියල්ල එක්වී සාකච්ඡා කර මේ සදහා තිරසාර විසදුමක් ලබාගත යුතු බවටත් මෙහිදී අදහස් පළ විය.

Post Views: 4
Previous Post

අපි අසරණයි – ජනපතිතුමනි අවධානය යොමු කරන්න – ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම්

Next Post

කෙප්ප ගම්මන්පිල නිසා අමාරුවේ වැටෙන්නේ ගෝඨායි !

editor

editor

Next Post

කෙප්ප ගම්මන්පිල නිසා අමාරුවේ වැටෙන්නේ ගෝඨායි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved