කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (07) පස්වරු 4.50ට පමණ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ.පස්වරු 4.45ට කොළඹ කොටුවෙන් රඹුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ මැදිරියක් මෙලෙස පීලි පැන ඇත්තේ දුම්රිය ස්ථානයේ වේදිකාව වෙත ළඟා වන අවස්ථාවේදීය.මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා හතරක් අවහිර වී ඇති අතර, කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය ගමන්වාර රැසක ප්‍රමාදයන් ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටියි.
















