සිංහල සහ හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව නැකතට පැළ සිටුවීමේ උතුම් චාරිත්‍රය ඉටු කරමින්, කොළඹ මහනගර සභාවේ රුක් රෝපණ වැඩසටහනක් පසුගිය 23 වැනිදා සුබ මොහොතින් පවත්වනු ලැබීය. කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන නගර සභා පරිශ්‍රයේදී ආරම්භ විය.
නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරක්කොඩි මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, මෙයට සමගාමීව කොළඹ නගරයේ තෝරාගත් ස්ථාන රැසක පැළ සිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ද නගර සභාව සැලසුම් කර ඇත. හරිතවත් කොළඹක් උදෙසා ගත් මෙම පියවර අගය කළ යුතුය.














