• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Colorup Roof Tile – ශ්‍රී ලංකාවේ විප්ලවීය සෙවිලි නිෂ්පාදන

10 May 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය විසින් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) පවත්වන ලද ‘Architect 2023’ ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරුණු Colorup Roof Tile, සෞන්දර්යාත්මක මෙන් ම නවීන තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති සෙවිලි නිෂ්පාදනයකි.

Colorup යනු වර්ණ ගැන්වූ සෙවිලි සහ සීලිං නිෂ්පාදන පෙළක් වන අතර, එම නිෂ්පාදන යුරෝපීය තාක්ෂණයෙන් සමන්විත අග්නිදිග ආසියාවේ විශාලතම සහ අති නවීනතම කර්මාන්තශාලාවෙහි නිපදවයි.

Colorup Roof Tile, එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් Colorup හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉන්දික රාජපක්ෂ මහතා පැවසුවේ, “මෙම විප්ලවීය නව සෙවිලි නිෂ්පාදනය මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට හැකි වීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්. අපගේ සෙවිලි නිෂ්පාදනවල අද්විතීය ‘S’ හැඩය බොහෝ ප්‍රතිලාභ ලබා දෙන අතර, එය විකල්ප උළු නිෂ්පාදන සෙවිලි කිරීමේ දී පාරිභෝගික ජනතාව සහ ඉදිකිරීම්කරුවන් මුහුණ දෙන අභියෝග රැසකට විසඳුම් ලබා දෙනවා. වෙළෙඳපොළේ දක්නට ලැබෙන විකල්ප උළු නිෂ්පාදන හා සසඳන විට Colorup Roof Tile, ඉතා සැහැල්ලුයි වගේ ම ඉතා ශක්තිමත්. ඒ වගේ ම ඕනෑ ම කාලගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන Colorup නිෂ්පාදන මගින් ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට වගේ ම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට නවීන තාක්ෂණයෙන් යුත්, ගෝලීය මට්ටමේ නිෂ්පාදන සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

Colorup Roof Tile, කාලයත් සමඟ අවපැහැ ගැන්වීමෙන් තොර, පාරජම්බූල කිරණවලට ඔරොත්තු දෙන සුවිශේෂී වර්ණ ස්ථරයකින් සමන්විත වන අතර, ජලයට ඔරොත්තු දෙමින් දිගු කල් පැවැත්මක් සහතික කරයි. Colorup Roof Tile, හි වර්ණ ආලේපනය සඳහා වසර 5ක වගකීමක් ලබා දෙන අතර, එහි අද්විතීය ‘S’ හැඩය කාර්යක්ෂම අන්තර් සබඳතාවක් ගොඩනංවමින් සත්ව ක්‍රියාකාරකම් සහ තද සුළං හේතුවෙන් සිදු වන චලනයන් වලක්වමින් කාන්දුවීම් වළක්වයි. අවම බර, ඉහළ ශක්තිය සහ ආරක්ෂාව සහතික කරන Colorup Roof Tile, ගිනි ප්‍රතිරෝධී ගුණයෙන් යුක්ත වන අතර, අවම බර සහ විශාලත්වය නිසා පරාල අවශ්‍යතාව අඩු කරන බැවින් වහලය සඳහා වන පිරිවැය අවම කරයි. එමෙන් ම Colorup Roof Tile හැසිරවීමට පහසු උළු 5 කින් සමන්විත ඇසුරුම්වල එන නිසා අවම හානියකින් හා අවදානමකින් යුතුව ප්‍රවාහනය කිරීමට සහ ගබඩා කිරීමට හැකි වීම ද විශේෂත්වයකි.

රයිනෝ රූෆින් සමාගම මගින් Colorup රැලි සහිත තහඩු 2007 වසරේ දී එළිදක්වන ලද අතර, දැව නිමාවක් සහිත Colorup Strip Ceiling 2020 වසරේ දී වෙළඳපොළට නිකුත් කෙරිණි. Colorup Strip Ceiling ලී සඳහා කදිම ආදේශකයකි. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිත කර නිපදවන මෙම සෙවිලි නිෂ්පාදන ගින්නෙන්, ජලයෙන් හා වේයන්ගෙන් ඇති විය හැකි හානිවලට ඔරොත්තු දෙන අතර, සාම්ප්‍රදායික ලී වෙනුවට තිරසාර බව අරමුණු කර ගනිමින් නිෂ්පාදනය කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස Colorup Strip Ceiling, 2021 වසරේ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය මගින් ගෘහ නිර්මාණ නිෂ්පාදන සඳහා පිරිනැමෙන සම්මානයෙන් පිදුම් ලැබීය. Colorup සෙවිලි නිෂ්පාදන භාවිත කිරීමට කැමති පාරිභෝගිකයින්ට සහ ඉදිකිරීම්කරුවන්ට www.rhinocolorup.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 5 748 738 අංකය ඇමතීමෙන් මෙම නිෂ්පාදන පිළිබඳව වැඩි විස්තර ලබා ගත හැකිය.

 

පිටපත – PR

Post Views: 8
Previous Post

අලියාන්ස් ලංකා සහ නවලෝක රෝහල් අතර හවුල්කාරීත්වයෙන් රක්ෂණ හිමියන්ට වාසි රැසක්

Next Post

වෛද්‍ය රසායනාගාර සේවාවට කුඩම්මාගේ සැලකිලි – රවී කුමුදේශ්ගෙන් චෝදනා

editor

editor

Next Post

වෛද්‍ය රසායනාගාර සේවාවට කුඩම්මාගේ සැලකිලි - රවී කුමුදේශ්ගෙන් චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved