කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ප්‍රාන්ත පහක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉබෝලා (Ebola) වසංගතය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1,405 දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
මෙම වෛරසය ආසාදනය වූ සමස්ත සංඛ්‍යාව 3,200 ඉක්මවා ඇති අතර, පසුගිය දින 10 තුළ පමණක් රෝගීන් දහසකට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබේ. මෙවර පැතිර යන්නේ ඉබෝලා වෛරසයේ ‘බුන්ඩිබුගියෝ’ (Bundibugyo) නමැති ප්‍රභේදය වන අතර, ඊට අනුමත කළ එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති වීම නිසා තත්ත්වය වඩාත් දරුණු වී ඇත. යටිතල පහසුකම් නොමැතිකම සහ බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟාවීමේ අපහසුව නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගුවන් මගින් මානුෂීය ආධාර සහ සහන සැලසීමට පියවර ගෙන ඇති අතර, අසල්වැසි උගන්ඩාවෙන්ද මේ වන විට රෝගීන් වාර්තා වී තිබේ.














