කැලණි ගංගාවේ ජල මට්ටම ඉහළ යාම සහ නිරන්තර ගංවතුර තත්ත්වයන් හේතුවෙන් දැඩි ලෙස ඉවුරු ඛාදනයට ලක්ව තිබූ වැල්ලම්පිටිය, කොටුවිල සහ හල්මුල්ල ප්‍රදේශ ආශ්‍රිතව නව ආරක්ෂණ බැම්මක් ඉදිකිරීමේ කටයුතු ඊයේ (02) ආරම්භ කෙරිණි.
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ වූයේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි. මෙම ආරක්ෂණ බැම්ම ඉදිකිරීම තුළින් එම ප්‍රදේශවල ජනතාව වසර ගණනාවක් මුළුල්ලේ මුහුණ දුන් ගංවතුර උවදුරට සහ ඉවුරු ඛාදනයට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














