• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිවාස ඒකක 3000 ක් ඉදිකිරීමේ කටයුතු ඔරුගොඩවත්තේ දී අද ඇරඹෙයි

4 January 2021
in දේශීය

මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ නිවාස 3000 ක් ඉදිකිරීමේ කටයුතු අද (04) දින ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ආරම්භ කිරීමට නියමිතය.

ඒ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුවයි.

නිවාස නොමැති මධ්‍යම ප්‍රාන්තික පවුල්වල ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔවුන්ට සරිලන ආකාරයෙන් මෙම නිවාස ඉදිකරන ලෙසට ද අග්‍රාමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදි.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු උතුරු කොළඹ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය මඟින් එම සියළු කටයුතු අධික්ෂණය කිරීමට නියමිතව ඇත.

අඩු ආදායම්ලාභී පවුල්වලට මෙන්ම මධ්‍යම ආදායම් ලබන නිවාස නොමැති පවුල් වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩසටහන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් වේ.

ප්‍රථම අදියර යටතේ මධ්‍යම ප්‍රාන්තිකයන් වෙනුවෙන් ඉදිකෙරෙන මෙම නිවාස ඒකක කොළඹ දිස්ත්‍රික්කයේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලඹේ, මාකුඹුර, බොරලැස්ගමුව ප්‍රදේශවලද, ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ ප්‍රදේශයේ ද මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ යන ප්‍රදේශවල ද ඉදිකිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියේ නිවාස ඒකක 3000 සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 කි. නව යුග දිවියට පිවිසෙන තරුණ තරුණියන්ට නිවසක සිහිනය සැබෑ කර ගැනීමට හැකිවන සේ මෙම නිවාස ඒකක ඉදිකිරීම ද විශේෂත්වයකි.

ඊට අමතරව තරුණ වෘත්තිකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් සහ මධ්‍යම ප්‍රාන්තිකයින් ඉලක්ක කර ගෙන මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක වේ.

කොළඹ, ගම්පහ සහ මහනුවර ඇතුළු ප්‍රධාන නගර සඳහා සුදුසු ස්ථාන නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුන්ගන්නා ලදී.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන ඔවුන්ගේ රැකියා ස්ථානවලට කෙටි දුරක් ඇතුළත නිවාස ලබා දීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම මහල් නිවාස සංකීර්ණවල ඉදිකෙරෙන නිවාස ඒකක වර්ග අඩි 700 කින් සහ වර්ග අඩි 900 කින් සමන්විත වේ.

වර්ග අඩි 700 නිවාස නිදන කාමර දෙකකින් සමන්විත වන අතර වර්ග අඩි 900 නිවාස නිදන කාමර තුනකින් ද සමන්විතයි.

මෙම නිවාස ව්‍යාපෘතියේ විකුණුම් මිල තීරණය කිරීම සඳහා ඉඩම්වල මිල ඇතුළත් නොකිරීම ජනතාව වෙනුවෙන් ලබා දෙන විශාල සහනයකි.

ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා බදු සහන ලබාදීම මෙන්ම වසර 25 ක කාලය තුළ රජයේ බැංකු විසින් 6.25% ක පොළි අනුපාතයක් යටතේ ගැණුම්කරුවන්ට ණය පහසුකම් ලබාදීම ඇතුළු කරුණු තුළින් මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට සහනදායි මිලකට නිවාස හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවේ.

මෙම මහල් නිවාස ඒකක සඳහා සියළු යටිතල පහසුකම් රජය මඟින් ලබා දේ.

හෙට (04) දින ඉදිකෙරෙන ඔරුගොඩවත්තේ නිවාස ඒකක 432 ක ඉදිකිරීම් කටයුතු ්ජජැි ෑබටසබැැරසබට ඡඛක්‍ ආයතනය ක්‍රියාත්මක කරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධික්ෂණය යටතේ ය.

රට පුරා ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය වසර 1 1/2 ක් තුළ ඉදිකර අවසන් කිරීමට නියමිත අතර නිවාස 5000 න් ඉතිරි නිවාස 2,000 ඉදිකිරීමේ කටයුතු මාර්තු මාසයට පෙර ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සමස්ථ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

 

Post Views: 5
Previous Post

වෙබ් මාධ්‍ය වාර්තා බොරු- මම කමිටු පත් කරලා නෑ – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

Next Post

පලාත් සභාවල බලය අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පියවරක් ගෙන නෑ – ඇමැති ඩග්ලස් කියයි

editor

editor

Next Post

පලාත් සභාවල බලය අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පියවරක් ගෙන නෑ - ඇමැති ඩග්ලස් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved