විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විදේශ ප්‍රේෂණ භාවිතයෙන් සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) වාර්තාව වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.
මෙම විමර්ශනය 2022 මැයි 1 වන දින සිට 2023 සැප්තැම්බර් 15 වන දින දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ ආකාරය පරීක්ෂා කර ඇති අතර, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ අදාළ වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සඳහා මෙලෙස යොමු කර ඇත. මීට අමතරව, ආයතන කිහිපයකට අදාළ COPE වාර්තා ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ.
















