• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එකම පවුලේ අය සියදිවි නසා ගන්නේ විෂාධය හේතුවෙන් බව හදිසි මරණ පරික්ෂක වෛද්‍ය එම්.පී ජයවික්‍රම කියයි

3 August 2023
in දේශීය

එකම පවුලේ සහෝදර සහෝදරියන් කීප දෙනෙකු සියදිවි නසා ගැනීමට හේතුව විෂාධිය බවත්,ස මාජය තුළ සියලු පුරවැසියන්, සමාජ වගකීමකින් කටයුතු කර මෙවැනි අවස්ථා දුරු කර ගැනීමට කටයුතු කළ යුතු බව තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‌යේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය එම්.පී.එස් ජයවික්‍රම මහතා පවසයි.

එප්පාවලපොලිස් වසමේ සඳරැස්ගම ප්‍රදේශයේදී නිවසක් තුළ 24 හැවිරිදි තරුණයකු ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එ මහතා මේ බව පැවසීය.

මෙලෙස සිය දිවි නසා ගෙන ඇත්තේ තුසිත සම්පත් බංඩාර නම් 24 හැවිරිදි තරුණයෙකි. ඔහු රැකියා ස්ථානයේ සිට එප්පාවල පිහිටි ඔහුගේ නිවසට පැමිණ මෙලෙස ඊයේ (02) සියදිවි නසාගෙන ඇත.

නිවසේ කිසිවකුත් ඒ අවස්ථාවේ රැදී සිට නැති අතර, පස්වරු 12. 00 ට ආසන්න වේලාවකදී ඔහු සියදිවි නසා ගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.නිවසේ කාමරයක් තුළ ලනුවක ආධාරයෙන් ඔහු ගෙල වැලලාගෙන තිබිණි. අසල නිවසක කාන්තාවක් ඔහු ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බවට කළ දැනුම්දීමක් මත ප්‍රදේශවාසීන් පොලීසියට මේ පිළිබඳව දැනුම්වත්කර ඇත.

මෙලෙස සියදිවි නසාගත් තරුණයාගේ සොයුරන් තිදෙනකු හා සොයුරියකද මීට පෙර සියදිවි නසා ගෙන ඇතැයි වාර්ථා වේ , ඒ අනුව එම පවුලේ පස්වැන්නා ලෙස මොහු සියදිවි හානි කර ගෙන ඇත.මීට වසර කීපයකට පෙර ඔහුගේ සොයුරෙකු හා සොයුරියක තලාව ප්‍රදේශයේදී දුම්රියට පැණ සියදිවි නසාගෙන ඇති බවත්, මෙම තරුණයා සියදිවි නසාගත් නිවස පිහිටි ගෙවත්තේ අඹ ගසක ගෙල වැලලාගෙන තවත් සොයුරෙකු සියදිවි නසා ගෙන ඇති බවත්, මෙම තරුණයා ගෙල වැළලාගත් කාමරයේම ඔහුගේ සොයුරෙකු සිය දිවි නසා ගෙන ඇති බවටත් පොලීසියට අනාවරණය වී ඇත.ඒ අනුව එම පවුලේ සොයුරු සොයුරියන් 07 දෙනෙකුගෙන් පස් දෙනෙකුම වරින් වර සියදිවි නසා ගෙන ඇතැයි වාර්ථා වේ.

තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‌යේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය එම්.පී.එස් ජයවික්‍රම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

එප්පාවල, සඳරැස්ගම ප්‍රදේශයේ පවුලක, තරුණයෙකු සියදිවි නසා ගැනීමක් සිදු කර ගෙන තිබෙනවා.එම මරණ පරීක්ෂණ කටයුතු වලදී අපිට පෙනී යනවා මේ පවුල තුළම තවත් පිරිමි දරුවන් දෙදෙනකු ගෙල වැලලාගෙන සිය දිවි නසා ගෙන තිබෙනවා, දියණියක දුම්රියට පැණ සිය දිවි නසා ගෙන තිබෙනවා.මෙවැනි අවස්ථා දැකීම හා ඇසීම අපිට කණගාටු දායකයි.

අපි මෙවැනි අවස්ථා වලදී ලබා දෙන මරණ පරීක්ෂණ නිගමන වලට අමතරව, මරණ පරීක්ෂකවරයකු සිදු කරන කාර්යභාරයක් තමයි උපදේශාත්මකව සමාජ ගත කිරීමක් කරනවා මේ මරණ පරීක්ෂණ මෙවැනි අවස්ථා උදා නොවීම සඳහා.මෙම සිද්ධිය අධ්‍යනය කිරීමේදී අපිට පෙනී යනවා, මේ කීපදෙනක් රෝගී බවට පෙනී යනවා.විෂාධිය කියන ලෙඩක් ඇති වෙනවා.ඒ එක්කම මොවුන් කීප දෙනෙකු පෙම් සබඳතා නිසා සියදිවි නසාගන්න පෙළඹුනා කියලා.කෙසේ වෙතත් සමාජය වශයෙන් මෙවැනි අවස්ථා දුරු කර ගැනීමට සමාජය තුළ සියලු පුරවැසියන්, අපිට අනෝන්‍යව අපිට සමාජ වගකීමකින් කටයුතු කරලා මොවුන්ගේ මෙවැනි අවස්ථා දුරු කරන්න අපිට සාරධර්ම ඇති කර ගන්න අවශ්‍යයතාවය තියෙනවා.එවැනි අවස්ථා වලදී ගමේ පන්සල, කෝවිල, පල්ලිය වගේම සමාජ ආයතන සියල්ලම මනුෂ්‍යයෝ වශයෙන් කටයුතු කරලා සාරධර්ම ගුණධර්ම වැඩි කර ගෙන මෙවැනි අවස්ථා උදා නොවීමට කටයුතු සලස්වා දීම සඳහා අපි නිතරම උත්සහ කරන්න ඔ්න, එවැනි අවස්ථා වලදී අපිට හැකියාව තිබෙනවා.එවැනි අවස්ථා වලදී ග්‍රාම නිළධාරීවරයාට, සමාජ සේවා නිළධාරියකු ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල, විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඉන්නවා, අපිට ගිහින් මෙවැනි අවස්ථාවන් පෙන්වා දීලා, ඔවුන්ට පිහිට වෙන්න පුලුවන්, බොහෝ දුරට විෂාධිය තියෙන රෝගීන්ගේ ලක්ෂණයක් තමයි නිතරම වහා කිපෙන සුලු ගතියක්, ඉක්මනට තීන්දු තීරණ ගැනීමේ , ඔවුන් සමතුළිත තාවයක් මනසට නැති නිසා ඔවුන් සියදිවි නසාගන්න යනවා.එවැනි අවස්ථා අපි දකිනවා, බොහෝ දුරට අපි මෙවැනි මරණ පරීක්ෂණ වලදී ගන්නා සායනික වාර්ථා කියවා බලන විට එම වාර්ථා වලදී අපිට පෙනී යනවා වෛද්‍යවරුන් ප්‍රථිකාර ලබා දෙන අවස්ථාවේදීම සටහන් තබලා තියෙනවා.ඔවුන් අවස්ථා දෙක තුනක් වෑයම් කරලා තියෙනවා සිය දිවි නසා ගැනීමට.එවැනි අවස්ථා සෘජුවම සෞඛය දෙපාර්තමේන්තුවෙන් හෝ යම් තැනකට යොමු කරලා කටයුතු කරන්න පුලුවන් නම් ඔවුන් පිළිබඳව වඩාත් ඉක්මනින් සොයා බලා ඔවුන්ගේ සියදිවි නසා ගැනීමට ඇති තිව්‍රතාවයන් නැති කරලා ඔවුන් නිවැරදි මඟට ගන්න පුලුවන්කම තියෙනවා.අපි නිතරම එවැනි දේ කරනවා නම් මම හිතනවා අපිට මෙවැනි හදිසි මරණ ඇති වීමේ අවස්ථාවන් නැති කර ගන්න හැකි වෙයි කියලා.

මේ තරුණයා බොහෝ කාළයක් විෂාධිය සඳහා ප්‍රථිකාර ලබන පුද්ගලයෙක්, ඔහු රාජාංගනය ප්‍රදේශයේ ගොවිපලක සේවය කරනවා, එම පවුල තුළ සබැඳියාවක් තිබිලා නෑ, කොහේද ඒ දරුවා ඉන්නේ කියලා දෙමාපියන්ට අවබෝධයක් ඇති වෙන්නේ නෑ, යම් සිදුවීමක් නිසා ඔහු ඉක්මනට කේන්ති ගැනීමෙන් තමයි රාජාංගනය ප්‍රදේශයේ සිට යතුරු පැදියෙන් පැමිණ ඔවුන්ට අයත්, පාලු නිවසක් තෝරා ගෙන සියදිවි නසා ගෙන තිබෙනවා.අනෙක් පිරිමි දරුවන් දෙදෙනාත් සියදිවි නසා ගන්න තෝරා ගෙන තිබෙන්නේ මේ පාලු නිවසම තමයි.

මීට වසර 18 කට පෙර මේ පවුලේ දියණියක වන නිලුකා නිල්මිණි යන යන පෙම් සම්බන්ධතාවක් නිසා දුම්රියට පැණ සිය දිවි නසාගෙන තිබෙනවා, මෙම ගෙවත්තේදීම අවුරුදු 15 කට පෙර රුවන් කුමාර නම් පිරිමි දරුවකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගෙන තිබෙනවා, මීට වසර 10 කට පෙර අසංක ප්‍රදීප් නම් මෙම පවුලේම තරුණයකු මෙම ස්ථානයේම සිය දිවි නසාගෙන තිබෙනවා, ඊයේ (02) මෙම තුසිත සම්පත් තරුණයා සියදිවි නසාගෙන තිබෙනවා.

පවුලේම පිරිමි දරුවන් 04 ක් හා එක් ගැහැණු දරුවකු සියදිවි නසා ගෙන තිබෙනවා කියා වාර්ථා වෙනවා යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 30
Previous Post

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුනර්ජීවනයක් ඇති කිරීමට රජයේ විශේෂ අවධානය -ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල

Next Post

ශ්‍රී ලංකාවට නවීනතම smartphone ගෙන ඒමට සිංගර් vivo සමඟ අත්වැල් බැඳ ගනී

editor

editor

Next Post

ශ්‍රී ලංකාවට නවීනතම smartphone ගෙන ඒමට සිංගර් vivo සමඟ අත්වැල් බැඳ ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved