27 April 2024
#ව්‍යාපාර

ශ්‍රී ලංකාවට නවීනතම smartphone ගෙන ඒමට සිංගර් vivo සමඟ අත්වැල් බැඳ ගනී

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී, ගෝලීය වශයෙන් ප්‍රමුඛතම smartphone නිෂ්පාදකයෙකු වන vivo හි මෙරට නිල බෙදා හරින්නා ලෙස අත්වැල් බැඳ ගැනීම පිළිබඳ පසුගිය දා සිදු කෙරිණ.

මෙම සහයෝගීතාව සමඟින් පාරිභෝගික ජනතාවට නවීන තාක්ෂණයෙන් යුත්, උසස් තත්ත්වයේ vivo smartphone මිල දී ගැනීම සඳහා අවස්ථාව ලබා දෙමින් මෙරට smartphone වෙළෙඳපොළේ නව පරිච්ඡේදයක් ඇරඹීමට සිංගර් සමාගම සූදානමින් සිටී.

මෙම සහයෝගීතාව පිළිබඳ ව අදහස් දක්වමින් සිංගර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා පැවසුවේ, “නවෝත්පාදනවලින් සමන්විත, පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමයක් වන vivo සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. vivo smartphone දිවයින පුරා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා,” යනුවෙනි.

vivo හි පෙරළිකාර තාක්‍ෂණය සහ නව නිපැයුම් අද වන විට ලොව පුරා වඩාත් ප්‍රචලිත වී ඇති අතර, මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ආකර්ෂණීය smartphone පෙළක් ගෙන ඒමට සිංගර් සමාගම කටයුතු කරයි.

vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියාන් මහතා සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ, “අපගේ නිෂ්පාදන තුළ අන්තර්ගත උසස් තාක්ෂණය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දීමට vivo හි අපි නිරන්තරයෙන් කැප වෙනවා. ශ්‍රී ලාංකේය smartphone වෙළෙඳපොළ වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට වගේ ම කලාපය තුළ vivo පදනම ශක්තිමත් කිරීම වෙනුවෙන් අපි සිංගර් සමාගම සමඟ අත්වැල් බැඳ ගැනීමට කටයුතු කළා. අපගේ ආදරණීය පාරිභෝගික ජනතාවගේ යහපත උදෙසා සිංගර් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරනවා,” යනුවෙනි.

vivo හි සුවිශේෂී මෝස්තර, වේගවත් Processor, උසස් තත්ත්වයේ කැමරා සහ ආයු කාලයෙන් වැඩි සුවිශේෂී බැටරි නිසා එම නිෂ්පාදන ජාත්‍යන්තර පිළිගැනීමට ලක් ව ඇත. විවිධාංගීකරණය වූ විශේෂාංග සහ පිරිවිතරයන් පිරිනමමින්, vivo සෑම පරිශීලකයෙකුගේ ම අද්විතීය අවශ්‍යතා සහ රුචිකත්වයන් සපුරාලයි. කෘත්‍රිම බුද්ධිය මගින් වැඩිදියුණු කළ ඡායාරූපකරණය, ඇඟිලි සලකුණු ස්කෑනර් සහ අධි-විභේදන සංදර්ශකවලින් සමන්විත vivo smartphone, තාක්‍ෂණික නවෝත්පාදනයේ උච්චතම අවස්ථාව සංකේතවත් කරයි.

සිංගර් හි පුළුල් අලෙවි ජාලය නිසා ම එම සමාගම ගෝලීය සන්නාම ගණනාවක ශ්‍රී ලංකාවේ එක ම බලයලත් බෙදා හරින්නා බවට පත් වී ඇති අතර, vivo සමඟ ගොඩනඟා ගත් සහයෝගීතාවට ද එය බෙහෙවින් බල පා ඇත. පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් කැපවෙමින්, vivo smartphone සඳහා සුවිශේෂී අලෙවියෙන් පසු සේවාවක් ලබා දීමට ද සිංගර් සමාගම සූදානමින් සිටී.

පිටපත -PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *