27 July 2024
#දේශීය

සංස්ථා පනත වෙනස් කරනවා – ඇමැති අර්ජුන කියයි 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා පුරප්පාඩු වලින් සියයට දහයක කොටසක් මව්පිය පදනම යටතේ සංස්ථාවේ දරුවන්ට ලබා දීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2018 විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වෙමිනි. උත්සවය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේදී ඊයේ (29) පෙරවරුවේ පැවැත්විණ.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා පත්කිරීමේ බලය ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාට වේ. කෙසේනමුත් ඉදිරියේදී ආයතනයේම සේවකයකුට එම තනතුරට පැමිණීමේ අවස්ථාව ලැබෙන අයුරින් සංස්ථා පනත වෙනස් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

මෙම උත්සවයට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ,ඛනිජ තෙල් සංස්ථා  සභාපති දම්මික රණතුංග,ඛනිජ තෙල් සංස්ථා  කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර , මානව සම්පත් කළමනාකාර සමන්ත පුෂ්පලාල් විතාන යන මහත්ම මහත්මීහු රැසක් ද සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *