• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්ද හැසිරෙන තත්වය කියන්න පුළුවන් මේ රටේ ඉන්න එකම දේශපාලනඥයා බැසිල් බව මන්ත්‍රී කුට්ටිආරච්චි කියයි

12 March 2024
in දේශීය, පුවත්
ඡන්ද හැසිරෙන තත්වය කියන්න පුළුවන් මේ රටේ ඉන්න එකම දේශපාලනඥයා බැසිල් බව මන්ත්‍රී කුට්ටිආරච්චි කියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බිමේ අංක ගණිතය නිවැරදිව හඳුනන, ආසනයෙන් ආසනයට, කොට්ඨාශයෙන් කොට්ඨාශයට, ජනපදනම මත, වර්ග පදනම මත , භාෂා පදනම මත , ආර්ථික පදනම මත ඡන්ද හැසිරෙන ආකාරය දැක්විය හැකි එකම දේශපාලනඥයා බැසිල් රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා, “2024 වර්ෂය පටන් ගන්නකොටම ජනතාවගේ බලාපොරොත්තුවක් තිබුණා 2024 වර්ෂය මැතිවරණ වර්ෂයක් කියලා. 69 ලක්ෂයක් ඡන්ද අරගෙන ජනාධිපතිවරයෙක් හදලා 2/3 බලයක් සහිත ආණ්ඩුවක් හදලා අරගලයත් එක්ක ඇතිවෙච්ච ව්‍යාජ තත්වයත් එක්ක ආණ්ඩුවටත්, අපේ ජනාධිපතිවරයාටත් පසුබහින්න සිදුවුණා. ඒ තුළ ඇතිවෙච්ච දේශපාලන අවුල් සහගත තත්වයක් නිසා ජනතාව බලාගෙන හිටියා සහ තවමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා 2024 ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් පැමිණෙවි කියලා. ව්‍යවස්ථාවට ගරු කරන ජනාධිපතිතුමා, ව්‍යවස්ථාවට ගරු කරලා ජනාධිපති මැතිවරණය ලබාදේවි කියන විශ්වාසය අපි පක්ෂයක් විදිහට විශ්වාස කරනවා. අපි පාර්ලිමේන්තු මැතිවරණය පැමිණියත්, ජනාධිපතිවරණයක් පැමිණියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට මේ වන විට බිමේ ශක්තිවත්නම දේශපාලන පක්ෂය විදිහට බොහෝම ස්ථාවරව ඉන්නවා කියන කාරණාව මම වගකීමෙන් කියනවා. ජනාධිපතිවරණයක් පැමිණියොත් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා විදිහට අනුර කුමාර දිසානායක මහතාව පත්කරගෙන ඉවරයි. ඒ වගේම සජබේ ජනාධිපති අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මහතාව පත්කරගෙන ඉවරයි. ඊලඟට අපි විසින් පත් කරගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමහර අවස්ථාවලදි අපිට ඇහිලා තිබෙනවා එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනවා කියලා. සමහර අවස්ථාවලදි ඒ සම්බන්ධව කතාවෙන බවක් පේන්නේ නැහැ. හැබැයි අපි විසින් පත් කරගත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ දේශපාලනික වශයෙන් ගත්තොත් එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අපේක්ෂකත්වය පිළිබඳව කතා කිරිමේ අයිතිය තිබෙන්නේ අපිට නොව එක්සත් ජාතික පක්ෂයටයි. ජනාධිපතිවරණයක් පැමිණියොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියන කාරණය තමයි ලොකු ප්‍රශ්නය වෙලා තිබෙන්නේ. පොදුජන පෙරමුණ මේ රටේ බිමේ ක්‍රියාකාරීම, ක්‍රියාශිලීම පක්ෂය විදිහට මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන තෙක් අපි කොයි දවසකවත් අපි අපේක්ෂකයෝ නම් කරලා නැහැ. ඒ නිසා අපි බොහෝම පැහැදිලිව කියන්නේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරන තෙක් පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියන එක නම් කරන්නේ නැහැ. ඒ වගේම කවුරු ජනාධිපති මැතිවරණයකදි හිටියත් අනිවාර්යයයෙන්ම දිනන අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.

විපක්ෂයේ ඉන්න දේශපාලඥයෝ ඩොලර් බිලියන අනුවක රටේ ණය තිබෙනවා කියලා කියනවා. හැබැයි එහෙම ණය තිබුණු රටක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිම ණයක් අරගෙන නැහැ. කොවිඩ් එන්නත් තුනම ගහලා දෙවෙනි වතාවට මේ රටේ ජනතාවට අභය දානය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මට සහ මගේ පවුලේ හැමෝටම කොරෝනා හැදුනා. අපි මේ කොරෝනා ව්‍යසනය නිසා ඒ තරම් ජිවිතය පිළිබඳව හැමකෙනාටම බයක් දැනුනා. අපි හැම කෙනාටම වගේම අනුර කුමාර මහතාටත් ජිවිතය පිළිබඳව බයක් දැනුනා. නමුත් අනුර කුමාර මහතා කිව්වා රිලවුන්ට සමාන කරලා මේ කොවිඩ් එන්නත අත්හදා බලනවා කියලා. ඒ නිසා කොවිඩ් එන්නත ගහගන්න යනවානම් රිලවෙක් කියලා හිතාගෙන කොවිඩ් එන්නත ගහගන්න කිව්ව අනුර කුමාර මහතා හොරෙන් ගිහිල්ලා ජිවිත බය තිබුණ නිසා එන්නත් තුනම ගහගත්තා. ඒ ගත්ත නිසා තමයි අදටත් අනුර කුමාර දිසානායක මහතාට වේදිකාවේ රාජපක්ෂලාට, පොහොට්ටුවට බනින්න පුළුවන් හැකියාව ලැබුණේ, එලවලා දාපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එන්නත්කරණය නිසියාකාරව කරපු නිසා. අනුර කුමාර දිසානායක මැතිතුමාට පොඩිහරි සිංහල බෞද්ධකමක් තිබෙනවානම්, කෙලෙහිගුණ දන්න පුද්ගලයෙක් කියලා පෙන්වන්න ඕන නම් මේ මාධ්‍ය සාකච්ඡාවකදි ප්‍රකාශ කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිංසිද්ධවෙන්න අද මම ජිවිතය රැකුණා කියලා කියන්න. සජිත් ප්‍රේමදාස මහතා ඒ වගේම කිව්වා මේ රටේ අන්තිම පුද්ගලයාටත් එන්නත ගැහුව්වාට පසුව තමයි එතුමා එන්නත ගහගන්නේ කියලා. එසේ කියපු එතුමා හොරෙන්ම එන්නත් තුනම ගහගත්තා. එහෙම වැඩකරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව මේ රටින් එලෙව්වා. රටට සහා දේශපාලනඥයන්ට පහුගිය දවස් දෙක තුනේම විශාලම හිසරදයක් වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීම පුද්ගලයා, බිමේ අංක ගණිතය හරියටම කතා කරන පුද්ගලයා, ආසනයෙන් ආසනයට, කොට්ඨාශයෙන් කොට්ඨාශය, ජනපදනම මත, වර්ග පදනම මත , භාෂා පදනම මත , ආර්ථික පදනම මත ඡන්ද හැසිරෙන තත්වය කියන්න පුළුවන් මේ රටේ ඉන්න එකම දේශපාලනඥයා බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඒ නිසානේ එතුමාට පහර දෙන්නේ. එතුමාට කපුටා කියනවා. විවිධ කතා කියනවා එතුමාට. බැසිල් රාජපක්ෂ මැතිතුමා වැඩකට නැති පුද්ගලයෙක් නම්, අදක්ෂයෙක් නම් ඒ වගේ අදක්ෂ පුද්ගලයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවන කොට අනෙකුත් පක්ෂ සතුටු වෙන්න ඕනනේ දුර්වලයෙක් විසින් පොදුජන පෙරමුණ මෙහෙයවන්නේ කියලා. නමුත් බැසිල් රාජපක්ෂ මැතිතුමා දරුවෝ බලන්න හැම වසරකම යනවා වගේම මේ වසරේත් ගිහිල්ලා ලංකාවට පැමිණෙනකොට ලංකා පුරා විශාල ප්‍රවෘත්තියක් වෙලා බැසිල් රාජපක්ෂ මැතිතුමා නැවත එනවා කියලා. පිටරටට ගිය පුද්ගලයෙක් ලංකා භුමිය නැවත ගොඩබහින විට එය රටේ දින ගණනාවක්ම ප්‍රධාන ප්‍රවෘත්තියක් වෙලා තිබෙනවා කියන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ කුමක්හෝ වටිනාකමක් ඇති කියලා. බැසිල් රාජපක්ෂ මැතිතුමා පිටරට හිටියත් පක්ෂ යාන්ත්‍රණයත් සමඟ පහුගිය කාලයේ එතුමා හිටියා. කොතරම් අවලාද කළත් බැසිල් රාජපක්ෂ කියන අසහාය චරිතය ශ්‍රී ලංකා දේශපාලන භූමියෙන් කවුරුහරි අතුගාන්න හදනවානම් එහෙම අතුගාන්න පුද්ගලයෙක් නොවේ. එතුමා ඉතාම කාර්යශූරව මේ දවස්වල අපේ ජයග්‍රහණය සඳහා සූදානම් කරගෙන ඉන්නවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන සජබේ නායකයාගේ දක්ෂතාවයන්, අදක්ෂතාවයන් සහ මොලේ තරම මේ රටේ ජනතාව දන්නවා. හාල් මිල ගැන කතා කරන්නේ නැතිව, වී මිල ගැන කතා කරන්නේ නැතිව ගොවියාට සහන දෙන්නේ කොහොමද කියලා කතා කරන්නේ නැතිව කිලෝ 5, කිලෝ 10 හාල් බැග් එකක් දිලා දේශපාලනය කරන්න හදන්නේ. රටේ වී අතිරික්තයක් තියලා ගියපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වී අතිරික්තය වී ගබඩා තිබෙද්දි මත්තල ගුවන්තොටුපොලේ කුහක විදිහට ගබඩා කරපු දිස්ත්‍රික් නායකයා තමයි සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ. එහෙම සජිත් ප්‍රේමදාස මහතා ලංකාවේ කෘෂිකාර්මික ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද කියන සැලැස්ම ඉදිරිපත් කරනවා වෙනුවට හාල් බෑග් එකක් ගිහින් දෙන එක තමයි කරන්නේ.

අනුර කුමාර දිසානායක මහතා ෆේස්බුක් එකේ විරෝධාර ජනාධිපතිවරයා කියලා හිතාගෙන ඉන්නේ. අනුර කුමාර දිසානායක මහතා හැමදාම පවුල් සංස්ථාවට ගහනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට , ශිරන්ති රාජපක්ෂ මැතිණියට, නාමල් රාජපක්ෂ මැතිතුමාට ප්‍රහාර දියත් කලා. අපේ රටේ පවුලක් එක්කනෙ මේ හැමදේම ගොඩනැගෙන්නේ. අම්මා, තාත්තා, දරුවෝ කියන සංස්කෘතියක් අපේ රටේ තිබෙනවා. ඒක අපිටත් ඔබටත් තිබෙනවා. නමුත් අනුර කුමාර දිසානායකට තිබෙනවාද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. ඒ නිසා ඔබතුමා ජනාධිපතිවරණයට එන්න පෙර ඔබගේ පවුල පෙන්වන්න. සිංහල අලුත් අවුරුද්දට මහින්ද රාජපක්ෂ මැතිතුමා තංගල්ල කාල්ටන් තමන්ගේ නිවසේ පවුලත් එක්කම මුළු රටටම පේන්න කිරි උතුරලා සංස්කෘතියක් රාජපක්ෂ පවුල විසින් ගොඩනගලා පෙන්නුවා. එයටත් එදා ගැහුව්වා. ඒ නිසා අනුර කුමාර දිසානායක මහතා උගුරට හොරා බෙහෙත් බොන්න සූදානම් වෙන්න එපා. පවුල් සංස්ථාවක් නැති, දරු සෙනෙහසක් පිළිබඳව දන්නේ නැති පවුලක අගයක් ගැන දන්නේ නැති කෙනෙක් රටක් හදයිද කියන කාරණය අපිට තිබෙනවා. දැන් එක මිටට කාන්තාවෝ එකතුකරගෙන යනවා දිස්ත්‍රික් මට්ටමින්. කොයි රැස්වීමේවත් දිස්ත්‍රික් නායකයා කතා කරන්නේ නැහැ. ඒ හැම රැස්වීමකදීම අනුර කුමාර මහතයි කතා කරනවා, ඊටපස්සේ කාන්තා මන්ත්‍රිතුමියක් සහ රුපියල් විසි පන්දහක්, විසි දහක් දුන්නු නිළියක්, ගායකයෙක් කතා කරන්නේ. අපිට නම් අපේ දිස්ත්‍රික් නායකයෝ ,පළාත්වල හිටපු ඇමතිවරු, පළාත් සභා මන්ත්‍රිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පෙන්වන්න පුළුවන්. අපේ පක්ෂය එහෙමයි. අනෙක් පක්ෂත් යම් මට්ටමකට එහෙමයි කියලා හිතනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අපි දැකලා නැහැ එහෙම නායකයෝ. එහෙම පෙන්වන මට්ටමක් නැහැ. ගමක පවුලක් ගත්තොත් කුහකම පවුල ජෙවිපි. ඒකනේ ඊරිසියා කරලනේ ගැහුව්වේ. ඒකනේ බය නැතිව මරන්න එන්නේ තමන්ට නැතිදේ අනුන්ට තියෙන කොට. එහෙම කුහක මානසිකත්වයක් තිබෙන කණ්ඩායමක් එතන ඉන්නේ. ඒ නිසා කිසි දවසක බලය ගන්න බැහැ කියන එක අපිට විශ්වාසය තිබෙනවා. ඒ වගේම කාන්තා සමුළුවලට එන කාන්තාවන්ට අපිට මතක් කරන්න තිබෙන්නේ මේ රටේ කාන්තාවන්ට නිදහස ගෙනත් දුන්නේ, ඔබගේ ස්වාමියා බේරා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා ඔබ ජාතික ජනබලවේගයේ කාන්තා රැස්වීම් වලට යන්න. ඔබගේ හිත දන්නවා මේ රටේ අපිට නිදහසේ මේ රැස්වීම්වල වාඩිවෙලා ඉන්න මානසික නිරවුල්භාවය හදලා දුන්න නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා. හැබැයි ඒ රැස්වීම්වලට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන රාජපක්ෂ පරපුරට දොස් කියන්නේ නැතිව ඒ කාරණා කරන්න කියලා ඉල්ලීම අපි කරනවා.”මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 9,902
Previous Post

ජනපති රනිල් කුලියාපිටියට පළාත් පාලන අපේක්ෂකයන්ව ගෙනල්ලා පොඩි ජොලියක් අරන් – මන්ත්‍රී මරික්කාර්

Next Post

ගෙවතු වගා කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන්

editor ttvnews

editor ttvnews

Next Post
ගෙවතු වගා කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන්

ගෙවතු වගා කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved