යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට නිකුත් කර තිබූ වරෙන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉවත් කර තිබේ. ඒ මන්ත්‍රීවරයා මෝසමක් ඉදිරිපත් කරමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවය.කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළ නඩුවකදී මන්ත්‍රීවරයා මීට පෙර පසුගිය 24 වන දින පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට වරෙන්තු නිකුත් කර තිබිණි. එදින නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෙන්ම ඔහුගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනී සිටියේ නැත.














