මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය පිළිබඳව මේ වන විට ක්ෂේත්‍රය පුරාම ලොකු කතාබහක් නිර්මාණය වී තිබෙනවා. දේශීය වෙළෙඳපොළ තුළ ලබා සිටින දැවැන්ත ජයග්‍රහණවලින් නොනැවතී, ඔවුන් ගෝලීය තලයට පා තැබීමට ගත් අලුත්ම ක්‍රියාමාර්ගයයි මෙසේ කාගේත් අවධානයට ලක්ව ඇත්තේ.
සමූහයේ ප්‍රධාන ලොජිස්ටික්ස් ජාලය වන ‘ඩී පී ලොජිස්ටික්ස්’ සමාගම මින් ඉදිරියට ‘ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස්’ ලෙස නිල වශයෙන් සිය නාමය වෙනස් කර තිබෙනවා. මෙම වෙනස්කම හුදෙක් නම වෙනස් කිරීමකට පමණක් සීමා නොවී, ජාත්‍යන්තර සැපයුම් දාම ක්ෂේත්‍රයම අත්පත් කරගැනීමේ විශාල මෙහෙයුමක ආරම්භය බවයි වාර්තා වන්නේ.
දැනටමත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගබඩා පහසුකම් සපයන සමාගම් 10 අතර රැඳී සිටිමින්, විශාලතම බහාලුම් රථ සමූහයකට හිමිකම් කියන මෙම සමාගම, මීට පෙර එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් හි නැව්ගත කිරීමේ අංශය වූ Pulsar Shipping Agencies ද අත්පත් කරගනු ලැබුවා. එතැනින් නොනැවතුණු ඔවුන්, ඩුබායි හි ප්‍රමුඛතම Navire Logistics සමාගමේ 50%ක කොටස් හිමිකාරීත්වය ද තමන් සතු කරගනිමින් ඕමානය සහ සෞදි අරාබිය දක්වා සිය බලය පතුරුවා තිබෙනවා.
මෙම අතිදැවැන්ත ජාත්‍යන්තර ආයෝජනයන් සහ නාමකරණයත් සමඟින්, මෙරට ප්‍රවාහන හා ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ ප්‍රබලම වෙනසක් සිදුවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ ලබාගත් මෙම ශක්තිය හරහා, ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට අලුත් නැව්ගත කිරීමේ සේවාවන් රැසක් ලැබීමට නියමිතයි.
ගෝලීය මට්ටමේ සේවාවන් රැසක් එකම වහලක් යටින් ලබාදීමට සූදානම් වන ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් හි මේ අලුත්ම පිම්ම ඉදිරියේදී ආසියානු සහ මැද පෙරදිග වෙළෙඳපොළ කෙතරම් උඩුයටිකුරු කරාවිද? ඔබේ අදහසත් අපට කියන්න.














