එක්සත් ජනපද සෙන්ට්‍රල් කොමාන්ඩ් හි හිටපු ප්‍රධානී සහ හිටපු CIA අධ්යක්ෂ ජෙනරාල් ඩේවිඩ් පෙට්‍රේයස් Global Gambit වැඩසටහනට සහ ලන්ඩනයේ පැවැති ප්‍රකාශයකට එක්වෙමින්, නැගෙනහිර ගල්ෆ් කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යාම තවදුරටත් “ප්‍රායෝගික නොවන” බව ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සතුව පවතින උසස් මිසයිල සහ ඩ්‍රෝන තාක්ෂණය හමුවේ කටාර්, බහරේන්, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඇමෙරිකානු කඳවුරු පහසුවෙන් ඉලක්ක විය හැකි බවත්, ඉරාන ඩ්‍රෝන යානාවලට එරෙහිව ඇමෙරිකාව සතු මිල අධික මිසයිල ආරක්ෂණ පද්ධති භාවිත කිරීම ආර්ථිකමය වශයෙන් පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි. යූක්‍රේනය මෙන් ලාභදායී ඩ්‍රෝන තාක්ෂණය සහ නවීන යුධ උපායමාර්ග භාවිත කරමින් ඇමෙරිකාව සිය හමුදාආරක්ෂක ක්‍රමවේදයන් වහාම යාවත්කාලීන කළයුතු බව පෙට්‍රේයස් වැඩිදුරටත් අවධාරණය කරයි.














