මෙරට ඩෙංගු මරණ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, මේ වසර තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
එම ඒකකය විසින් නිකුත් කරන ලද නිල වාර්තාවලට අනුව, 2026 වසරේ මේ දක්වා කාලය තුළ රට පුරා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,034කි. ජූලි මාසයේ මුල් දින අට තුළ පමණක් රෝගීන් 9,654ක් වාර්තා වී තිබීම කැපී පෙනෙන කරුණකි.
මේ වසර තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එහි වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 13,332කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,150ක් ද, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,600ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,354ක් ද වශයෙන් වාර්තා වී ඇත.















