• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

රාජපක්ෂලා ආරක්ෂා කරන දේවදත්ත භික්ෂුන් පරිස්සම් විය යුතුයි

22 June 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වරප්‍රසාදවලට මුවා වෙලා මිනීමරු රාජපක්ෂලා ආරක්ෂා කරන, නැවත ඒකාධිපති ගමනට පාරකපන දේවදත්ත පරම්පරාවේ භික්ෂූන්ගෙන් සියලු බෞද්ධයෝ පරිස්සම් විය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා අද (22) මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් එහි සඳහන් කර ඇත්තේ ලංකාවේ ජනප්‍රියතලයේ ඇතැම් භික්ෂූහු රාජපක්ෂලාගේ අන්තේවාසිකයන් ලෙස බෞතීස්මය ලබා බුද්ධ වංශයේ භික්ෂූත්වය අතහැර ‌ඇති බවයි.

ඒ නිසාම භික්ෂූත්වයට මෙන්ම බුද්ධ දර්ශනයට ද අදාළ නැති බොහෝ දේ ඔවුහු සිදුකරමින් සිටින අතර බුද්ධ ශාසනයේ චිරස්ථතිය සලකා මේ තත්ත්වය වහාම වෙනස් කළ යුතු නොවේද? යන්න අමාත්‍යවරයා සිය නිවේදනයෙන් ප්‍රශ්ණ කර සිටි.

 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත නිකුත් කළ විශේෂ නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

’ධර්මද්වීපය’’ හිට්ලර්ලාගේ මිලිටරි පාලනයකට යට කරමුද?

– මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර

හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන උපන්දිනය නිමිත්තෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාදෙමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කර තිබිණි.

උන්වහන්සේගේ ප්‍රකාශය මෙසේය. “ඔබතුමා ගැන සඳහන් කරන කොට හිට්ලර් හැටියටත් හඳුන්වලා තිබුණා. ඉතිං අපි මතක් කරනවා. හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නෙ. ඔබතුමා මිලිටරි පාලනයක් හරි අරගෙන ඇවිල්ලා මේක හදන්න කියලා නැවතත් මතක් කරනවා.”

මේ රටේ වැදගත්, පිළිගත් නායක හාමුදුරුවන් වහන්සේ නමක විසින් මේ කරන ලද ප්‍රකාශය බැරෑරුම් ද්වේශසහගත ප්‍රකාශයක් බවත්, බුද්ධ දර්ශනය පිළිගන්නා සැබෑ බෞද්ධයකු වශයෙන් මම එකී ප්‍රකාශය සම්බන්ධයෙන් අතිශය ලැජ්ජාවට පත්වන බවත් පළමුව ප්‍රකාශ කළ යුතුය. මන්ද ජර්මනියේ නාසි පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් පිළිබඳව හෝ ඔහු ගෙනගිය මිලිටරි පාලනය පිළිබඳ අංශු මාත්‍රයක් හෝ දන්නා සිහිබුද්ධිය ඇති කිසිවකු මෙවැනි නිර්ලජ්ජිත ප්‍රකාශයක් නොකරන බව මා තරයේ විශ්වාස කරන බැවිනි.

එසේම මෙවැනි ඒකාධිපති පාලනයන්ට අනුබල දීමට තම ශ්‍රාවකයන් වහන්සේලාට බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සත් ධර්ම දේශනාවේ කිසිදු තැනක උපදේශයක් හෝ අනුග්‍රහයක් දක්වා නැත. ඒනිසාම දේවදත්ත පරම්පරාවේ භික්ෂුවක හැර සැබෑ බුද්ධ වංශයේ කිසිදු භික්ෂූන් වහන්සේ කෙනෙකු මෙවැනි දුර්දාන්ත බියකරු ප්‍රකාශයන් සිදු නොකරන බව බුද්ධ දර්ශනය ඉහළින්ම පිළිගන්නා බෞද්ධයකු ලෙස මම විශ්වාස කරමි.

එබැවින් කෙටියෙන් නමුත් රාජ්‍ය පාලනය පිළිබඳ බුදුන් වහන්සේ ගෙනහැර දැක්වූ කරුණු කිහිපයක් මෙසේ සිහිපත් කරදීමට කැමැතිය.

රාජ්‍යයක පාලන තන්ත්‍රය ධාර්මික පදනමක් මත ගොඩ නගා ගත යුතු බව දීඝ නිකායේ චක්ඛවත්තී සීහනාද සූත්‍රය, අග්ග්ඤ්ඤ සූත්‍රය, කූඨ දන්ත සූත්‍රය ආදී සූත්‍ර දේශනා තුළ මැනවින් විග්‍රහ කර ඇත.

ඉහත සඳහන් සූත්‍ර තුළ පෙන්වා දී ඇති මූලික කරුණු අතර සප්ත අපරිහානීය ධර්ම, දසරාජ ධර්ම, දස සක්විතිවත්, සතර සංග්‍රහ වස්තු, සතර බ්‍රහ්ම විහරණ, සතර අගති ආදිය වැදගත් රාජ්‍ය සංකල්පයන් වේ.

”සබ්බං රට්ඨං සුඛං සේති – රාජාචේ හෝති ධම්මිකෝ” යනුවෙන් බුදු දහමේ පෙන්වා දී ඇත්තේ, රජු දැහැමි වුවහොත් සියලුම ජනයා සුවසේ ජීවත් වන බවයි.

එසේම රටක පාලකයකු අවම වශයෙන් පංචශීල ප්‍රතිපත්තිය අනුගමනය කරන්නකු විය යුතු බව අවධාරණය කර ඇත්තේ ද බුදු දහම තුළය.

මෙම කරුණු තුළින් බුදු දහම පෙන්වා දී ඇති සමාජ සාධාරණත්වයේ, යුක්තිගරුකත්වයේ රාජ්‍ය පාලනයක ඇති වැදගත්කම අප රටේ කුඩා පාසල් සිසුන් පවා හොඳින් දනී. අස්ගිරියේ අනුනායක හිමියන් මේ සියල්ල දැනගෙන නම් එවැනි ප්‍රකාශයක් කළේ අප රටේ සියලු බෞද්ධයන් වැඩි වැඩියෙන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය. මන්ද බුද්ධ දේශනාවේ නැති, බුද්ධ දර්ශනයට ඉඳුරාම පටහැනි, සමාජ සම්මතයට එකඟ නැති, සමාජ සාධාරණත්වය අගයන කිසිදු මිනිසකු මොනම තත්ත්වයක් යටතේවත් ප්‍රාර්ථනා නොකරන මිනිස් ඝාතක පාලනයක් ඉල්ලා සිටීම, හුදෙක් අධම පවිටු චේතනාවෙන් සිදුකළ ප්‍රකාශයක් වන හෙයිනි.

ඉතිහාසය පුරාම බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික දේහය තුළ බලහත්කාරී ඒකාධිපති පාලනයන්ට කිසිදු අවසරයක් ලබාදීමට මේ රටේ ජනතාව ඉඩ තැබුවේ නැත.

ලෝකයේ ඒකාධිපතිවාදී පාලන ඉතිහාසය තුළ ප්‍රචණ්‌ඩතම පාලකයා ජර්මනියේ ආඥාදායකයා වූ හිට්‌ලර් ය. ඒ පිළිබඳව කිසිදු විවාදයක්‌ නැත. එදා පැවැති සමාජ ආර්ථික දේශපාලන ගැටලු හමුවේ ඇති එකම විසඳුම ලෙස හිට්ලර් අදහනු ලැබුවේ ජර්මානු ජාතිකවාදයයි. දේශප්‍රේමීත්වය ඔසවා තබා “ශුද්ධ වූ ආර්ය ජාතිය ජර්මානුවන්ය” යන මතවාදය තුළ සිය බල ව්‍යාපෘතිය ගොඩනගා ගත්තේය.

බලයෙන් මත් වූ හිට්‌ලර්ගේ ම්ලේච්ඡ වූ සංහාරයේ තරම කෙසේද යත් සමස්ත ජර්මානු රාජ්‍යම එකම සිරකඳවුරක් බවට පත්කළා පමණක් නොව එක් දිනකදි යුදෙව්වන් 20,000ක අධික ප්‍රමාණයක් ඝාතනය ද කළේය. හිට්ලර්ගේ පාලන කාලය තුළ අහිංසක මිනිසුන් මිලියන ගණනින් මරා දැමුවේ මිනිස්කම තිරිසන්කමටත් වඩා පහත් අඩියකට තල්ලු කරමිනි. මිනිසුන් මරා දැමීම, වෙඩි උණ්‌ඩයට පමණක් සීමා නොකළ හිට්ලර් නම් වූ මිනිස් ඝාතකයා ගෑස්‌ කාමර වැනි අති අමානුෂික විධි ක්‍රම භාවිත කරමින් අනෙකාගේ මරණය දැක අශ්ලීල සතුට වින්ඳනය කළේය.

හිට්ලර්, සිය ඝාතන ලැයිස්තුව සැකසුවේ සිය නාට්සි පාලන තන්ත්‍රයේ පැවැත්මට එරෙහිවේ යැයි සැකකළ සියලු දෙනා වෙනුවෙනි. එහිදී වෘත්තීය සමිති නායකයන්, සමාජවාදීන්, වෙනත් ආගමිකයන් මෙන්ම විශේෂයෙන් යුදෙව් ජාතිකයන් ඇතුළත් කළේය. එපමණක් නොව ආසියාවේ, අප්‍රිකාවේ මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් කොට සලකා කටයුතු කළේය. හිට්ලර් පාලනය තුළ නාට්සි ඝාතකාගාර තුළ ජීවිතයට සමුදුන් එකදු මිනිසකු පිළිබඳවවත් හිට්ලර් කිසිදු අවස්ථාවක ශෝක නොවීම තුළින් පවා තහවුරු වන්නේ ඝාතකයාගේ පරම සතුට අනෙකාගේ මරණය පමණක්ම බවයි.

ඒදා මෙදා තුර මිනිස් ශිෂ්ටාචාරයේ අතිශය කෲරතම පාලකයා වූයේ හිට්ලර් ය. එසේම ඔහුගේ ම්ලේච්ඡ පාලන තන්ත්‍රය බවට වූයේ නට්සි හමුදා නිලධාරීන්ය.

ලංකාවේ පැවැති රාජපක්ෂ පාලනය තුළ ද මීට නොවෙනස් ගතිස්වභාවයන් පෙන්නුම් කරමින් පැවැති බව රහසක් නොවේ. එහි පළමු පියවර වුයේ දේශප්‍රේමීත්වය උත්කර්ශයට නංවා මිනිස් පරිනාමයේ බැහැර කළයුතු ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රිකත්වයට මුලු රටම ඇඳගෙන යාමයි. එය ලංකාවේ මෑත ඉතිහාසයේ අඳුරුතම දශකය නිර්මාණය කිරීමේ මූලික පදනම ද කරගත්තේය.

එදා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රාජපක්ෂ පවුල් පාලනයට එරෙහි වූ කිසිවකුට මේ රටේ ජීවත් වීමට අවසරයක් නොතිබුණි. ඒ නිසාම රාජපක්ෂලාගේ උදහසට ලක් වූ බොහෝ දෙනා රට හැර ගියේය. රට හැර නොගිය බොහෝ දෙනා රට තුළ තැන තැන ඝාතනය වූහ. තවත් පිරිසකට ජීවත් වීමට වාසනාව අත්වුවද අත්පා අහිමි විය. අදටත් ඒ රාජපක්ෂ භීෂණයෙන් බැට කා යම්තමින් සිය ජීවිතය අහිමි කර නොගත් මිනිසුන් මීට සාක්ෂි දරනවා ඇත.

හිට්ලර් වගේම රාජපක්ෂවරුද වෙඩි උණ්ඩයට පමණක් මරණය සීමා නොකළේය. සුදු වෑන්, ඝන් සයිඩ්, රිය අනතුරු, ගෙල වැලලා ගැනීම් වැනි උපක්‍රම පමණක් නොව ග්‍රීස් යක්කු පවා මරණ වරෙන්තුව අරගෙන ගෙයින් ගෙට ආ බවද මතක් කළ යුතුව ඇත.

එපමණකින් නොනැවතුණු මහින්ද රාජපක්ෂ සිය ජීවිත කාලය පුරාම මේ රටේ තනි ඒකාධිපති පාලකයා වීමේ වියරු ආශාව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සඵල කර ගත්තේය.

එදා රාජපක්ෂවරුන්ගේ බලලෝභයේ ආනුභාවය නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ කිසිවකු ගැන අද ද රාජපක්ෂලාට කණගාටුවක් නැත. අද රාජපක්ෂලා වෙනුවෙන් පෙනී ඉන්න කිසිදු අයකුට ද ඒවා ගැන දුකක් නැත. ගොබෙල්ස්ලා සේවය කරන්නේ හිට්ලර්ලාට මිස දැහැමි පාලනයන්ට නොවන බව අපි මතක තබාගත යුතුය.

ලෝකයම දන්නා ඉතිහාසයක් ඒසේ තිබිය දී මිලිටරි, හිට්ලර් පාලනයක් ඉල්ලා, මේ රටේ මහා සංඝරත්නය නමින් එක් නායක ස්වාමින් වහන්සේ කෙනෙකු මෙවැනි ප්‍රකාශයක් කළේ ඇයිද යන්න, දේශපාලනයේ ‘අ’ යන්න දන්නා සෑම පුද්ගලයකුටම මනාව පැහැදිලිය.

2015 ජනවාරියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූ පසු අප රටේ එක්තරා ජනප්‍රිය ගායිකාවක් ‘’ඇයි සර් මරලා හරි ගත්තෙ නැත්තෙ?” කියා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කළා මේ රටේ කිසිවකුට අමතක නැත. එදා රාජපක්ෂවරුන්ට අවශ්‍ය වුවත් කරගැනීමට නොහැකි වූ දේ ද එයයි. එතැන් සිට එකී දුර්දාන්ත මතය රාජපක්ෂලා ලංකාවේ මුරදේවතාවුන් වශයෙන් සැලකෙන බෞද්ධ සංඝයා වහන්සේ අතරට ද කූට ලෙස ගෙන ගොස් ඇති බව මෙම කුප්‍රකට ප්‍රකාශය තුළින් පිළිබිඹු වේ.

එකාධිපති පාලකයන්ගේ ස්වභාවයම සිය පරම්පරාවේම අයකු ඊළඟ පාලකයා වනු දැකීමය. මහින්ද රාජපක්ෂ මහතා සුරුවමක් යැයි අදහන, වන්දනා මාන කරන අසරණ මිනිසුන්ට ඔහු ඇවෑමෙන් තවත් සුරුවමක් අවැසිය. ඒ අඩුව පිරවනු පිණිස ගෝඨාභය රාජපක්ෂව සුදු රෙදි අන්දවා කැඳවාගෙන ඇවිත් නැවතත් රාජපක්ෂලා ප්‍රමුඛ මිලිටරි ජුන්ටාවකට අපේ රට බිලිදීමට කිසිදු පුරවැසියකු ඉඩ නොදෙන බව පැහැදිලිව සඳහන් කළ යුතුයි.

පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ පෙරටුකර විශ්‍රාම ගිය හමුදා පිරිස් විසින් සංවිධානයක් අටවා ගත් පළමු මොහොතේ මා ප්‍රකාශ කළාසේ මේ සූදානම් වන්නේ, මුලු මහත් සමාජයම “විපත් මගට” යොමු කිරීමට බව දැන් පැහැදිලිය. මාගේ ප්‍රකාශය නිවැරදි බව යළි යළිත් තහවුරු කිරීම වෙනුවෙන් සාක්ෂි දරන්නේ ද එකී සංවිධානවල ප්‍රකාශයන්ම වීම ගැන සතුටු වන්නෙමු.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 21 වෙනිදා ගම්පහදී පැවති ‘විපත් මග’ රැස්වීමකදී “නව ව්‍යවස්ථාවට සහාය දක්වන්නන් දේශද්‍රෝහීන් බැවින් ඒ දේශද්‍රෝහීන්ට මරණය ලබා දිය යුතු” බව විශ්‍රාම ගිය හමුදා නිලධාරියකු වූ කමල් ගුණරත්න ප්‍රකාශ කළේ, ගෝඨාභය රාජපක්ෂ ද මුලසුනේ තබාගෙනය.

එසේම පසුගිය ජුනි 12 වෙනිදා විශ්‍රාම ගිය තවත් හමුදා නිලධාරියකු වූ සරත් වීරසේකර පවසා සිටියේ, “බලහත්කාරී අතුරුදන් කිරීමට එරෙහි පනත, අතුරුදන් වූවන්ගේ කාර්යාලය සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමට සහයෝගය දක්වන සියලු දෙනා සිය පාලනයක් යටතේ එල්ලා මරා දමන” බවයි.

මේ සියලු ප්‍රකාශ සනාථ කරනුයේ, ශ්‍රී ලංකාව නම් වූ ධර්මද්වීපය සුණුවිසුණු කොට මිලිටරි පාලනයකට නතු කිරීමේ සැබෑ වුවමනාව ඇත්තේ රාජපක්ෂලාට බවය. ඒ වෙනුවෙන් අපේ සමාජයේ ඇති සෑම ශුද්ධ වස්තුවක්ම කුණු කාණුවට ඇද දැමීමට පවා රාජපක්ෂලා කටයුතු කරමින් සිටින බවයි.

එසේම වරදාන, වරප්‍රසාදවලට මුවා වෙලා මිනීමරු රාජපක්ෂලා ආරක්ෂා කරන, නැවත ඒකාධිපති ගමනට පාරකපන දේවදත්ත පරම්පරාවේ භික්ෂූන්ගෙන් සියලු බෞද්ධයෝ පරිස්සම් විය යුතු බව නැවත අවධාරණය කරමි. මන්ද අද ලංකාවේ ජනප්‍රියතලයේ ඇතැම් භික්ෂූහු රාජපක්ෂලාගේ අන්තේවාසිකයන් ලෙස බෞතීස්මය ලබා බුද්ධ වංශයේ භික්ෂූත්වය අතහැර ‌ඇති බැවිනි. ඒ නිසාම භික්ෂූත්වයට මෙන්ම බුද්ධ දර්ශනයට ද අදාළ නැති බොහෝ දේ ඔවුහු සිදුකරමින් සිටිති. එබැවින් බුද්ධ ශාසනයේ චිරස්ථතිය සලකා මේ තත්ත්වය වහාම වෙනස් කළ යුතු නොවේද?

ථේරවාදී බුද්ධ දර්ශනයේ අනාගත පැවැත්මට මෙන්ම සමාජ සාරධර්මයන්ට අතිශය හානිදායී වර්තමාන දුශ්ශීල භික්ෂූන් වහන්සේලාගෙන් මේ ශාසනය බේරා කරගැනීම වෙනුවෙන් එදා ‘’සුභද්ද භික්ෂුවගේ අභග්ග වචනය” පදනම් කරගෙන පළමු සංඝායනාව කළාසේ, “වෙඬරුවේ උපාලි හිමියන්ගේ මේ අශිෂ්ඨ ප්‍රකාශය” පදනම් කෙරගෙන හැකි ඉක්මණින් භික්ෂු සංඝායනාවක් කැඳවීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරමි.

Post Views: 4
Previous Post

සෙල්ලම පටන් ගන්න මාරාවේෂයෙන් බලන්න ඉන්නේ

Next Post

අපි කිසිදෙයක් විනාශ කරන්නේ නෑ

editor

editor

Next Post

අපි කිසිදෙයක් විනාශ කරන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved