27 April 2024
#ක්‍රීඩා

සෙල්ලම පටන් ගන්න මාරාවේෂයෙන් බලන්න ඉන්නේ

රටේ අලූත් සංවර්ධන රටාව සමහරුන්ට දිරවන්නේ නොමැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කි‍්‍රයාත්මක වේරැස් ගඟ වැසිජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් බොරලැස්ගමුව සංවර්ධන කලාපය තුළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට විශේෂ අවශ්‍යතා දරුවන් වෙනුවෙන් ඉදි වූ ‘කෙළිමඩල’ ළමා උද්‍යානය දරුවන් ඇතුළු පොදුජන අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් අය පරණ දූෂණ සෙල්ලම පටන් ගන්නේ කොහොමද කියලා මාරාවේෂයෙන් බලාසිටින බවයි.

රජය විසින් දියත් කර ඇති සංවර්ධනය තිරසර එකක් බවත් එය ජනතාවට බලහත්කාරයෙන් දාන්නේ නැතිව, ජනතාවගේ කැමැත්ත ඇතිව සිදු කරන කි‍්‍රයාවලියක්’ බව අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘එදා තිබුණු ගම හා වටපිටාව අද නැහැ. විධිමත් නාගරිකරණයක් ඇති කර ගැනීමේ අභියෝගයට අද අපි මුහුණ දී තිබෙනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 1% ක් මේ සමාජයේ ඉන්නවා. එම දරුවන් වෙනුවෙන් සුවිශේෂී ස්ථානයක් මේ නාගරික පරිසරය තුළ වෙන් කළ යුතුයි. වර්ණය, හඬ ඇහෙන්නේ, පෙනෙන්නේ නැති දරුවන්ට, දෑත දෙපය හසුරුවන්න බැරි අපේ දරුවන්ටයි මේ කෙළිමඩල අයිති. ඒ වගේම වැඩිහිටියන්ටත් මෙම ස්ථානයට එන්න පුළුවන්. ඉදිරියේදී කොට්ටාව ප‍්‍රදේශයෙත් මෙවැනි ස්ථානයක් ඇති කිරීමට පියවර ගන්නවා.

සංවර්ධනයේ ප‍්‍රධාන බාධකයක් නම් රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමයි. විශේෂයෙන්ම මෙවැනි සංවර්ධන කටයුත්තක් සඳහා ඉඩමක් වෙන් කර ගැනීමට යාමේදී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුවන රාජකාරී සඳහා සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ වගේම අපි යහපාලනය ස්ථාපිත කළේ රජයේ සේවකයන්ට, කොන්දක් ඇතිව කාර්යක්ෂමව වැඩ කරන්න. ඒ කොන්ද කෙලින් තියාගෙන ජනතා සංවර්ධනයට බාධා ඇති නොකළ යුතු “යැයි අමාත්‍යවරයා පැවසිය‍

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *