• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෙවිය යුතු බදු දැනගන්න DFCC බැංකුවේ යාවත්කාලීන කරන ලද බදු ගණකය භාවිතා කරන්න

11 July 2023
in Uncategorised

DFCC බැංකුව කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා සිය නිල වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති පෞද්ගලික ආදායම් බදු ගණකය යාවත්කාලීන කර තිබේ.

ගෙවිය යුතු බදු මුදල් ගණනය කිරීම සඳහා ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම ගණක මෙවලම මගින් ඕනෑම කෙනෙකුට දැන් 2022 අප්‍රේල් 01 දින සිට 2023 මාර්තු 31 දින දක්වා කාලසීමාව සඳහා ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය ඉතාමත් ඉක්මනින් ගණනය කළ හැක. ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද නවතම පෞද්ගලික ආදායම් බදු ප්‍රතිපත්ති සම්බන්ධ දත්ත ඇතුළත් කර මෙම ගණකය යාවත්කාලීන කර තිබේ.

“ඩිජිටල් තාක්ෂණය මගින් අපගේ ගනුදෙනුකරුවන්ගේ බැංකු සේවා අවශ්‍යතා සඳහා නවෝත්පාදන හඳුන්වාදෙන බැංකුවක් වශයෙන්, පෞද්ගලික ආදායම් බදු සම්බන්ධයෙන් රජය මෑතකදී හඳුන්වා දුන් නියමයන්ට අනුකූලව අපගේ බදු ගණකය යාවත්කාලීන කිරීමට අප වහාම පියවර ගත්තා. මෙය අපගේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය කටයුතු සරල කරන විසඳුමක් වේවි. එමෙන්ම එය අපගේ මූල්‍ය සේවාවන්ට අතිරේක අගයක් එකතු කරන පියවරක්ද වනු ඇතැයි කියා අප සිතනවා.
අප උත්සාහ කරන්න කාටත් විවෘත මූල්‍ය සේවාවන් එකතුවක් නිර්මාණය කිරීමට නිසා, මෙම ගණකය ඕනෑම කෙනෙකුට අපගේ වෙබ් අඩවිය හරහා නොමිලේ භාවිතා කිරීමට පුළුවන්. එය DFCC ගනුදෙනුකරුවන්ට පමණක් සීමා වන්නේ නැහැ.” DFCC බැංකුවේ උප සභාපති (ඩිජිටල් බැංකුකරණ සහ ක්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි මහතා පැවසී ය.

ගනුදෙනුකරුවන්ට තම ආදායම් තොරතුරු ඇතුළත් කර තමන් ගෙවිය යුතු බදු ප්‍රමාණයන් ක්ෂණිකව දැනගැනීමට හැකි වන ආකාරයට මෙම බදු ගණකය සැලසුම් කර තිබේ. එමෙන්ම එය නවතම රෙගුලාසි අනුව ඉක්මනින් යාවත්කාලීන කිරීමටද DFCC බැංකුව කටයුතු කරයි. මේ ආකාරයට තමන් ගෙවිය යුතු බදු පිළිබඳව පැහැදිලි අදහසක් එකම තැනකින් ලබාගත හැකි වීම ඕනෑම කෙනෙකුට ඉමහත් පහසුවක් වනු නො-අනුමාන ය.

බදු ගණකය භාවිතා කිරීම පහසු කිරීම සඳහා අදාළ ස්ථානවල උපදෙස් සහ මගපෙන්වීම් ලබා දී ඇති අතර, DFCC බැංකුවේ සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරුද එහි දක්වා තිබේ. බදු ගණනය කර අවසන් වූ පසුව අවශ්‍ය නම් එම තොරතුරු මුද්‍රණය කිරීමට හෝ PDF ක්‍රමයට ලබාගැනීමටද අවස්ථාව සලසා දී ඇත.

DFCC බැංකුවේ බදු ගණකය භාවිතා කිරීම සඳහා පිවිසෙන්න: https://www.dfcc.lk/calculators/income-tax-calculator/

පිටපත – PR

Post Views: 25
Previous Post

වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැර ඇති බව අනාවරණ වෙයි

Next Post

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න -අගමැති දිනේෂ්

editor

editor

Next Post

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න -අගමැති දිනේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved