27 April 2024
#දේශීය

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න -අගමැති දිනේෂ්

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම, බහුභාෂික ශ්‍රී ලාංකීය සමාජය තුළ සහජීවනය ඉහළ නැංවීමට ඉවහල්වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) දින කොළඹ පැවති ජාතික භාෂා සමානතා අභිවෘද්ධි ව්‍යාපෘතියේ (NLEAP) සම්මන්ත්‍රණය අමතමිනි.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ විවිධ ප්‍රජාවන්ගෙන් සමන්විත ඕනෑම ජාතියක එකමුතුකම බොහෝ දුරට රඳා පවතින්නේ එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව මත බවයි.

භාෂාව ද මිනිසුන්ගේ අහිමි කළ නොහැකි අයිතියක් වන අතර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ස්වකීය සංස්කෘතියට අනුව කටයුතු කිරීම, භාෂාමය අයිතිවාසිකම්, අධ්‍යාපනයට ඇති අයිතිය, පෞද්ගලිකත්වය සහ එක්රැස් වීමේ අයිතිය සන්නිවේදන අයිතිවාසිකම්වලට ඇතුළත් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සම්මන්ත්‍රණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, කුලසිංහම් තිලීපන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, නිලධාරීන්, විද්වතුන් සහ සිසුන් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *