• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DFCC බැංකුව, දැයේ දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කරයි

12 July 2023
in ව්‍යාපාර

DFCC බැංකුව රටේ දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා “DFCC Read the Way” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ආර්ථික ගැටලු ඇතුළු විවිධ අභියෝග නිසා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම දුෂ්කර වී ඇති දරුවන්ට පොත්පත් පරිත්‍යාග කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

මෙමගින් දරුවන්ට කියවීම හුරුකරවමින්, අනාගතයේදී සාර්ථක පුරවැසියන් සහ නායකයන් බවට පත්වීමට අවශ්‍ය මගපෙන්වීම ඔවුන් වෙත ලබාදීම DFCC බැංකුවේ පරමාර්ථය වී ඇත.

අධ්‍යාපනය යනු සිය 2030 තිරසාර සංවර්ධන ක්‍රමෝපායෙහි ඉදිරි දැක්ම තුළ DFCC බැංකුව අවධානය යොමුකරන ප්‍රධාන අංශ 6 අතරින් එකකි. අධ්‍යාපනයට අමතරව මෙම මෙහෙවර යටතේ DFCC බැංකුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, පරිසරය, ශරීර සුවතාව, ආපදා සහන සහ ව්‍යවසායකත්වය යන අංශ කෙරෙහි අවධානය යොමුකරයි. ‘අභියෝගවලට මුහුණ දිය හැකි ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම’ යන තිරසාරත්ව අරමුණ යටතේ මෙම අංශ 6 ට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මේ යටතේ DFCC Read the Way වැඩසටහන අමතරව ‘DFCC සැමට ඉංග්‍රීසි’ සහ Caritas Sri Lanka – SEDEC සමග එක්ව හඳුන්වා දුන් ‘DFCC අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන’ වැනි වැඩසටහන්ද DFCC බැංකුව මගින් ක්‍රියාවට නංවා ඇත.

“ආර්ථිකය අර්බුදකාරී තත්ත්වයක පවතින මොහොතක විශේෂයෙන්ම අඩු අදායම්ලාභී පවුල්වල දරුවන් ඇතුළුව රටේ සියලුම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙලෙස අත්වැලක් වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙවැනි වැඩසටහන් ඔස්සේ සමාජයට යහපතක් සිදුකිරීමට අප සෑමවිටම කැප වී සිටිනවා. රටේ දරුවන්ට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා අත්‍යවශ්‍යම සාධකය වන්නේ අධ්‍යාපනය බව අපගේ විශ්වාසයයි.” DFCC බැංකුවේ උප සභාපතිනි සහ අලෙවි හා තිරසාර සංවර්ධන අංශ ප්‍රධානී නිල්මිණි ගුණරත්න මහත්මිය පැවසුවා ය.

මෙම වැඩසටහනට පොත්පත් පරිත්‍යාග කරන මෙන් DFCC බැංකුව ගනුදෙනුකරුවන්, ආයෝජකයන්, සේවක සේවිකාවන් සහ මහජනතාව ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින අතර, මේ සඳහා අභ්‍යාස පොත්, ඕනෑම භාෂාවකින් ලියැවුණු කතන්දර පොත්, විවිධ විෂයන්ට අදාළ පොත්පත් සහ ශබ්දකෝෂ ආදිය දිවයින පුරා විසිරුණු DFCC බැංකු ශාඛාවන් වෙත පරිත්‍යාග කළ හැකි වේ. DFCC බැංකුව මෙම ශාඛාවන් සමග එක් වී, පරිත්‍යාග ලැබීමට සුදුසු පාසල් හඳුනාගෙන, පරිත්‍යාගශීලීන් වෙතින් ලැබුණු පොත්පත් අදාළ පාසල් වෙත ලබාදෙනු ඇත. මීට අමතරව තෝරාගත් පාසල්වලට අභ්‍යාස පොත් කට්ටල පරිත්‍යාග කිරීමටද DFCC බැංකුව සැලසුම් කර තිබේ.

“මෙම වැඩසටහන හරහා රටේ දරුවන්ගේ ජීවිතවලට සුවිශාල යහපතක් සිදුකිරීමට අපට හැකියාව ලැබේවි. දරුවන්ටත් රටටත් යහපත් අනාගතයක් උදාකර දීම සඳහා සියලුම දෙනා මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා.” නිල්මිණි ගුණරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.

රටට තිරසාර අනාගතයක් උරුමකර දීමේ අරමුණින් DFCC බැංකුව දීර්ඝ කාලයක පටන් මෙවැනි ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ. එහි තවත් ඉදිරි පියවරක් වන මෙම වැඩසටහන, සමාජයට කැපීපෙනෙන යහපතක් සිදුකරමින් රටේ සංවර්ධනයට මහඟු දායකත්වයක් දක්වනු නො-අනුමාන ය.

DFCC Read the Way වැඩසටනන සහ එයට පොත්පත් පරිත්‍යාග කළ හැකි ආකාරය පිළිබඳව දැනගැනීම සඳහා කරුණාකර ඔබට ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් හෝ ඔබගේ DFCC බැංකු ශාඛාවේ කළමනාකරුගෙන් විමසන්න.

 

පිටපත – PR

Post Views: 15
Previous Post

මනමිපිටිය කොටලීය පාලම වහාම පිළිසකර කර ආරක්ෂිත වැටක් සවි කරන්නැයි ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

Next Post

ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබීමේ සිදුවීම ජනපති හෙළා දකිනවා – ජනපති

editor

editor

Next Post

ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබීමේ සිදුවීම ජනපති හෙළා දකිනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved