27 April 2024
#දේශීය

මනමිපිටිය කොටලීය පාලම වහාම පිළිසකර කර ආරක්ෂිත වැටක් සවි කරන්නැයි ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

පසුගියදා රිය අනතුර සිදු වු මනමිපිටිය කොටලීය පාලම පළාත් ආණ්ඩුකාරවර මහිපාල හේරත් මහතා අද (12) දින නිරික්ෂණ⁣ය කිරිමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදි පාලම වහාම පිළිසකර කර ආරක්ෂිත වැටක් සහ ආරක්ෂක සංඥ පුවරු සවි කිරිම සදහා උපදෙස්ලා දුන් අතර, මාර්ගයට සමානව පාලම පුලුල් කිරීම සදහාද කඩිනමින් පියවර ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ⁣ඉංජිනේරැ වරයාට දැනුම් දුන්හ.

මේ සදහා සියළු තොරතුරු ඇතුලත් වාර්ථාවක් පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා විසින් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයාට කඩිනමින් යොමු කිරීමට ආණ්ඩුකාරලේකම් වරයාට උපදෙස් ලබා දෙන ලදි.

අනතුරට පත්වු බස් රථ⁣ය සදහා නිකුත් කළ ධාවන බලපත්‍ර සම්බන්ධයෙන් වාර්ථාවක් ලබාදෙන ලෙසද මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට ආණ්ඩුකාරවරයා මෙහිදි දැනුම් දුන්හ.

මෙම අවස්ථාවට පොලොන්රුව දිසාපති ඩබ්.ඒ. ධර්මසිරි, ආණ්ඩුකාර ලේකම් චින්තක රණසිංහ, මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ⁣ඉංජිනේරු එච්.පි.එල්. චන්ද්‍රතිලක, මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල, මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන ධාවන කළමණාකරු, පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරි, මනමිපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරින් සහභාගි වුහ.

 

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *