• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DFCC Junior ළමා ඉතුරුම් ගිණුම සුවිශේෂී තෑගි ක්‍රම සමඟින් නව ප්‍රතිලාභ රැසක් හඳුන්වා දෙයි

19 October 2023
in ව්‍යාපාර

DFCC බැංකුව දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කරවීමේ අරමුණින් සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට නව ප්‍රතිලාභ රැසක් හඳුන්වා දීමට මෑතකදී පියවර ගෙන ඇත.

ඒ යටතේ දරුවන්ට විද්‍යුත් ත්‍යාග වවුචර් හෙවත් E-vouchers පිරිනැමීමටත්, Robotics සහ Coding ඉගෙනුම් කට්ටල පිරිනැමීමටත් DFCC බැංකුව සැලසුම් කර තිබේ.

DFCC Junior E-Vouchers දිවයින පුරා අලෙවිසැල් 110 අධික ප්‍රමාණයකින් භාවිතා කළ හැකි අතර, මෙය DFCC Junior ළමා ඉතුරුම් ගිණුම් හිමි දරුවන්ටත් දෙමාපියන්ටත් ලැබෙන අගනා අවස්ථාවක් වනු ඇත.

මීට අමතරව ඉගෙනුම හරහා නවෝත්පාදන දිරිගැන්වීම සහ Value Credit යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම සඳහා DFCC බැංකුව STEM (Science, Technology, Engineering and Mathematics) අධ්‍යාපන සේවා සම්පාදකයන් පිරිසක් සමග අත්වැල් බැඳගෙන සිටී. මෙය ඉතුරුම් ඉලක්ක සපුරා ගන්නා අතරම අධ්‍යාපනික ඉලක්ක හඹා යාමට දරුවන් දිරිගන්වන තවත් එක් පියවරක් වනු ඇත. එමෙන්ම එය දීර්ඝකාලීනව තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා කුසලතා හා මූල්‍ය සාක්ෂරතාව සහිත ජනතාවක් නිර්මාණය කිරීම ඉලක්ක කරගත් DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපාය සමග සමගාමී වන පියවරක්ද වේ.

DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් පළකළේ ය. “මූල්‍ය ආයතනයක් ලෙස, කුඩා කල සිටම දරුවන් තුළ මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් හා භාරකරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවීම වැදගත් බව අප විශ්වාස කරනවා. එය දරුවන් වෙනුවෙන් සෞභාග්‍යමත් අනාගතයක් නිර්මාණය කිරීමේ උත්සාහයේ වැදගත් මූලික පියවරක්. DFCC Junior ඉතුරුම් ගිණුම් වෙනුවෙන් නව ප්‍රතිලාභ හඳුන්වා දීම තුළින් අප උත්සාහ කරන්නේ දරුවන්ගේ මූල්‍ය සහ අධ්‍යාපනික සාර්ථකත්වය තහවුරු කිරීමට දෙමාපියන්ට සහ භාරකරුවන්ට අත්වැලක් වීමටයි. දරුවන්ට සතුට හා විනෝදය ලබාදෙමින් සහ ඔවුන් අධ්‍යාපනික වශයෙන් දිරිගන්වමින්, නව කුසලතා වර්ධනය කරගැනීමට ඔවුන් දිරිගැන්වීම අරමුණු කරගත් අපගේ ත්‍යාග ක්‍රම මගින් නිරූපණය වන්නේ, අනාගත පරපුරේ සාර්ථකත්වය උදෙසා අප දක්වන උනන්දුව හා කැපවීමයි.”

තවද DFCC Junior ප්‍රසාද ත්‍යාග ක්‍රමයට 5 වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සහ 18 වැනි උපන්දිනය ඉලක්ක කරගත් සුවිශේෂී ත්‍යාගද ඇතුළත් වී තිබේ. දරුවන්ගේ ජීවිතවල විශේෂ සන්ධිස්ථාන තුළදී ඔවුන්ට සුවිශේෂී ත්‍යාග පිරිනමනින් ජීවිතයේ තවදුරටත් සාර්ථකත්වය කරා පියනැගීමට ඔවුන් දිරිමත් කිරීම එහි අරමුණයි.

යහපත් අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනා සවිබල ගැන්වීමට කැප වී සිටින මූල්‍ය ආයතනයක් වශයෙන් DFCC බැංකුව DFCC Junior ළමා ඉතුරුම් ගිණුම වෙනුවෙන් මෙම ත්‍යාග එකතුව හඳුන්වා දී ඇත. ඉතිරි කිරීමේ සහ මූල්‍ය කටයුතු විධිමත් ලෙස සැලසුම් කරගැනීමේ වැදගත්කම පෙන්වා දීම තුළින් දරුවන්ටත් පවුල්වලටත් වඩාත් දීප්තිමත් අනාගතයක් උදාකර ගැනීමට උපකාරී වීම DFCC බැංකුවේ ඉලක්කය වී තිබේ.

DFCC Junior ළමා ඉතුරුම් ගිණුම සහ ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා සහ DFCC Junior ළමා ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීම සඳහා www.dfcc.lk/products/dfcc-junior-account/ වෙත පිවිසෙන්න. නැතිනම් DFCC බැංකුවේ ශාඛාවක් වෙත පැමිණෙන්න. (0112350000) අංකයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සහය සේවාව ඇමතීමෙන්ද වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

පිටපත් – PR

Post Views: 24
Previous Post

මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන විසින් මාධ්‍ය නියාමනයක් කිරීම වැදගත් – මන්ත්‍රී එස්.බී.දිසානායක

Next Post

නොරොච්චෝලේ හා කල්පිටිය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීමේ තීරණයක් – කෘෂිකර්ම අමාත්‍යංශය

editor

editor

Next Post

නොරොච්චෝලේ හා කල්පිටිය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීමේ තීරණයක් - කෘෂිකර්ම අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved