• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉඩම් ලියාපදිචිය ඩිජිටල්කරණය කිරීම ඇරඹෙයි

5 January 2021
in දේශීය

ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් සේවාවක් බවට පත්කිරීම ආරම්භ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම පියවර ආරම්භ කරන ලද මෙම ක්‍රියාවලිය මෙම වසර අවසන් වන විට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45 ක ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සදහා වු ඉ-ඉඩම් ( e-land ) මෘදුකාංගය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම පසුගිය (04) දා කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කෙරිණි.

මෙම නව මෘදුකාංගය තුලින් ඉඩම් හා දේපල ලේඛන අතින් ලියාපදිංචි ක්‍රමවේදය වෙනුවට මෘදුකාංගයක් මගින් ලේඛන ගත කිරීම ලියාපදිංචි කිරීම හා ආපසු නිකුත් කිරීම සිදු කෙරේ.

මෙය දේපල ලියා පදිංචි කිරීමේ කාර්යසාධක බලකායේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා ව්‍යාපාර කිරීමේ පහසුව ඉහල නැංවීම අරමුණු කරගනිමින් ඉ- ඉඩම් ව්‍යයාපෘතිය යටතේ ආරම්බ කරන ලදී . මෙම මෘදුකාංග ව්‍යයාපෘතිය පුර්ණ වශයෙන්ම දියත්කරනු ලැබුවේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ(ICTA) තාක්ෂණික සහායෙනි. .

1864 ආරම්භ කරන ලද රෙජිස්ට්‍රාර්ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්යභාරය වුයේ මහජනතාවගේ නිශ්චල චංචල දේපල ප්‍රමුඛතා පදනමකින් ලියාපදිංචි කිරීමයි. මෙතෙක් පැවති ක්‍රමය අනුව නොතාරිස් වරුන් විසින් අතින් ලියා සහතික කරන ලද නෛතික ලේඛන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කිරීම සිදුවිය.

මෙම නව පරිගණක ක්‍රියාවලිය තුලින් උක්ත සේවාවන් හි කාර්යක්ෂමතාව මෙන්ම සුරක්ෂිතතාවය තහවුරු කිරීම අපේක්ෂා කෙරේ. මෙමගින් මහජනතාව වෙතද පහසුකම් රැසක් ලැ‍බීමට නියමිතයි.

පැවති ක්‍රමයේ අඩුපාඩුකම් අවම කර ගත හැකි අතර අනාගතයේදී ඩිජිටල් පත්ඉරු ලබා ගැනීමට හැකිවේ. එමගින් දිරාපත් වීම අවම වීම අනන්‍යතාවය කඩිනමින් තහවුරු කර ගැනිම මෙන්ම තැරැවු කරුවන්ගේ ගොදුරු බවට ලක්වීමද වලක්වා ගැනීමට හැකිවේ. තවද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසුකිරීමේ දර්ශකය ඉහල නංවා දේශිය විදේශිය ආයෝජන දිරිගැන්වීමෙන් සමස්ත ආර්ථිකය ශක්තිමත් කිරීමද මෙහි ප්‍රමුඛ අරමුණකි.

මෙම සේවාව ආරම්භ කිරීමේ අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න රෙජිස්ට්‍රාර් ජනරාල් කේ.ජී.ධර්මතිලක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු මහින්ද බී හේරත් ,,අධ්‍යාක්ෂ වැඩසටහන් කාංචන තුඩුගල , අධ්‍යක්ෂ නීති .ජයන්ත ප්‍රනාන්දු ,ප්‍රධානි අධ්‍යක්ෂ වැඩසටහන් ගවෂ් සුබ්‍රමනියම් ,යන මහත්වරු ඇතුඑ පිරිසක් සහභාගි වුහ.

Post Views: 4
Previous Post

ඉන්දීය විදේශ කටයුතු ඇමැති අද දිවයිනට – විදේශ අමාත්‍යංශය

Next Post

ලබන 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල විවෘතයි – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

ලබන 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල විවෘතයි - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved