27 April 2024
#දේශීය

ඉන්දීය විදේශ කටයුතු ඇමැති අද දිවයිනට – විදේශ අමාත්‍යංශය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (05) ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍යංශය පවසයි.

ඒ මහතා ලබන 7 වනදා දින තෙක් ශ්‍රී ලංකාවේ දී නව වසරේ සිය පළමු විදේශ සංචාරයෙහි නිරත වෙයි. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙම සංචාරය අතරතුර දී අමාත්‍ය ආචාර්ය ජයශංකර්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙම නිල සංචාරය මඟින් 2021 දී ශ්‍රී ලංකාවට ඉහළ පෙළේ විදේශීය සම්භාවනීය පුද්ගලයකුගේ පළමු පැමිණීම සනිටුහන් කරන අතර, එය නව වසරේ දී විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර් ඉන්දියාවෙන් පිටත දී නිරත වන මුල්ම නිල සංචාරය ද වේ. සුවිශේෂී කරුණක් ලෙස, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර් 2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිල සංචාරයක නිරත වූ විදේශීය අමුත්තා වේ.

දෙරටේ කොවිඩ්-19 සංචාරක සීමාවන් මධ්‍යයේ මෙම සංචාරය එයාර් බබ්ල් සංකල්පය හරහා සංවිධානය කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *