‘දිට්වා’ ආපදාවලට ලක්වූ ජනතාව වෙත බෙදා හැරීම සඳහා වෙන්කර තිබූ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය තොගයක් බෙදා නොහැර, ගම්පොළ උඩුපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළම කල් ඉකුත් වී විනාශ වී තිබේ.
ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුකළ හදිසි නිරීක්ෂණයකදී එහි කාමර තුනක් පුරා මෙලෙස ජනතාවට ලබා නොදුන් වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබෙන අයුරු දැකගැනීමට හැකිවී ඇත. මෙලෙස ගොඩගසා ඇති වියළි ආහාර ද්‍රව්‍ය බොහොමයක් මේ වන විටත් පරිභෝජනයට ගත නොහැකි පරිදි කල් ඉකුත්වී විනාශ වී ඇති බව විගණන නිලධාරීන් පෙන්වා දෙයි.
















