27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රසීලයේ වෙළඳපොළ ප්‍රවේශයට සාකච්ඡා

සීඝ්‍රයෙන් වර්ධනය වන බ්‍රසීලියානු වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන සඳහා වැඩි ප්‍රවේශයක් ලබා ගැනීමට උත්සහා කරන බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කර සිටියේ පසුගිය 29 වනදා ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති සර්ජියෝ ලුයිස් කේනේස් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී ය.

විදේශ අමාත්‍ය පීරිස් මහතා පැවසුවේ බ්‍රසීලය සමඟ ද්විපාර්ශ්වික වශයෙන් උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍රයන්හි සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවිමක් දක්වන බවයි.

මෙම හමුවේදී දේශගුණික විපර්යාස, පුනර්ජනනීය බලශක්තිය, බහුපාර්ශ්වික ආයතන ප්‍රතිසංස්කරණ සහ දකුණු-දකුණු සහයෝගිතාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ගෝලීය ගැටලු කිහිපයක් පිළිබඳව පොදු මතයක් කරා ලඟා වීමට කටයුතු කිරීම සඳහා එකඟ වූහ.

ශ්‍රී ලංකාවේ දිගු කාලීන නොබැඳි සම්ප්‍රදායේ පසුබිම තුළ, බ්‍රසීලය සහ සමස්ත දකුණු සහ මධ්‍යම ඇමරිකානු කලාපය සමඟ ශක්තිමත් සබඳතා ප්‍රාණවත් කර ගැනීමට විදේශ අමාත්‍යවරයා උනන්දු විය.

 

දෙරට අතර පවතින ගවේෂණය නොකළ වෙළඳ හැකියාවන් අවධාරණය කරමින්, තේ, කුළුබඩු සහ වටිනා හා අර්ධ වටිනා මැණික් වැනි අව්‍යාජ ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා බ්‍රසීලයේ පවතින වෙළඳපොළ අවස්ථා පිළිබඳව අමාත්‍ය පීරිස් මහතා විස්තර කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *