• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ අඩුආදායම්ලාභී කාන්තාවන්ට සනිපාරක්ෂක කට්ටල බෙදා දෙයි

29 November 2020
in දේශීය

කෙසෙල්වත්ත, මිහිදුපුර කාන්තාවන් ගේ ඉල්ලීම මත කොළඹ නගරයේ ජීවත්වන අඩු ආදායම්ලාභී කාන්තාවන් සඳහා කාන්තා සනීපාරක්ෂක කට්ටල බෙදාදීම අද (29) දින කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එහි දී අදහස් දැක්වූ නගරාධිපතිනිය “ කාන්තාවන් විඳින දුක දන්නේ කාන්තාවක් හැටියට මම විතරයි. විශේෂයෙන්ම වතු ආශ්‍රිත හා මහල් නිවාස වල සිටින කාන්තාවන් මෙම ප්‍රශ්නය නිසා බොහෝ විට පීඩාවට පත් වෙනවා.විශේෂයෙන් මෙම ප්‍රදේශය විශාල කාලයක් හුදෙකලා කර තිබූ ප්‍රදේශයක්. මෙම ප්‍රදේශයේ කාන්තාවන්ගේ විශේෂ ඉල්ලීම මත අපි අද මේ වෙනකොට කාන්තා සනීපාරක්ෂක කට්ටල බෙදා දීමට කටයුතු කරනවා. විශේෂයෙන් ඕස්ට්‍ර්ලියානු රජයේ IPPF සංවිධානය හා USAID කියන රාජ්ය නොවන ජාත්‍යන්තර සංවිධාන මගින් අපිට මෙම ආධාර ලබා දීම සිදුකෙරුනා. මෙම කට්ටලයක සනීපාරක්ශක තුවා, මුඛ ආවරණ, අත සෝදන සබන්, Sanitizer, වගේ විවිධ සෞඛ්ය සනීපාරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ද්රව්යමය දේවල් අඩංගු වෙනවා. අපි පන්දහසක් මේ සතිය ඇතුලත බෙදනවා. මම තවත් මෙම සනීපාරක්ෂක කට්ටල USAID ආයතනය මගින් සහ රාජ්ය නොවන සංවිධානවලින් ඉල්ලලා තියෙනවා. මම විශ්වාස කරනවා වැඩිය ඇතක් යන්නට කලින් කොළඹ නගරයේ කාන්තාවන් විසි පන්දාහකට වත් සනීපාරක්ෂක කට්ටල දෙන්ඩ පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම මම විශ්වාස කරනවා පෞද්ගලික අංශයත් අපේ කාන්තාවන්ට, ගැහැණු දරුවන්ට මෙම සනීපාරක්ෂක කට්ටල ලබා දීමට අපට සහාය වෙයි කියලා.

මේ රටේ පවුල් සංඛ්‍යාවලින් ගත් විට තනි පවුල් නඩත්තු කරන කාන්තාවන් 30% පමණ සිටිනවා. ලෝක බැංකුවේ වාර්තාවකට අනුව පාසල් ගැහැණු දරුවන් 50% ක් මාසික ඔසප් සමයේ පාසල් නොයන බව සදහන් වී තිබෙනවා. එවැනි පසුබිමක තමයි දැන් මේ සමාජ මාධ්ය තුළ ප්‍රශ්න කරමින් යන්නේ සනීපාරක්ෂක තුවා වලට 15% ක බද්දක් ගැහුවා කියලා.ඇත්තටම ඒක ඇත්තද,ක්‍රියාත්මක කරනවද? කියන එක මධ්‍යම ආණ්ඩුවේ තීරණයක්.නමුත් මේ ටික මම කියන්නම ඕන, එවැනි තීරණයක් ගෙන තිබේ නම් ඇත්තටම මම කාන්තාවක් හැටියට අම්මා කෙනෙක් හැටියට දුක් වෙනවා.

ඇත්තටම ගැහැණු ළමයි විශාල සංඛ්යාවක් ඔසප් සමයේ පාසල් යන එක නවත්තනවා.ඒ කාරණා කීපයක් නිසා.ඒකක් අපහසුතාවය,අනෙක බයට,ඒ අතරින් වැඩිම ප්‍රමාණය නිසි සනීපාරක්ෂක ක්‍රමවේදයක් යොදාගැනීමට නොහැකිවීම.මේ ප්‍රදාන කාරණා තුන ඇතුළේ ගැහැණු දරුවන් පාසල් යන්නේ නෑ.විශේෂයෙන් කියන්න ඕන බහුතරයක් කාන්තාවෝ භාවිතා කරන්නේ සනීපාරක්ෂක තුවා වෙනුවට රෙදි කෑලි.හැබැයි මේ අසරණකම හේතුවෙන් මිනිස්සු තමන්ගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ පානවා.විශේෂයෙන් ලෙඩ රෝග වලින්.දිලීර,බැක්ටීරියා,වගේ දේවල් නිසා විවිධ රෝගවලින් බැට කනවා.

පසුගිය කාලයේ ඒ ගැන කතිකාවතක් ආපුවම මේ රටේ ජනප්රිය කියලා හිතන කාන්තාවෝ හිනා වුණා,ලැජ්ජ වෙනවා කිව්වා.මොකක්ද මේ කළේ? තව තවත් මේ සමාජය ඇතුළේ සනීපාරක්ෂක තුවා, ක්‍රමවේදය සංස්කෘතියට පටහැනී,කාන්තාවන්ට කතා කරන්න හොඳ නෑ,පිරිමින්ට අදාල නෑ කියන තැනට එක්කන් ගියා.ඉතිං තවමත් කඩෙන් සනීපාරක්ෂක තුවා ගද්දී පත්තර කොළයකින් වහලා දෙන එක පුදුමයක්ද?එහෙම රටක දරුවෙක් ලැජ්ජාවක් නැතුව කඩේට ගිහින් සනීපාරක්ෂක තුවා එකක් දෙන්න කියලා ඉල්ලයි ද?
වෙන රටවල් වල පාසල් දරුවන්ට පාසලෙන් නොමිලේ සනීපාරක්ශක කට්ට ලබා දෙනවා.මම කියන්නේ මේ රටේ නොමිලේ නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙනවා වගේ, පාසලේ දී නොමිලේ කිරි වීදුරුවක්, බිස්කට් ටිකක් ලබා දෙනවා වගේ, අපේ ගැහැනු දරුවන්ට නොමිලේ සනීපාරක්ශක තුවා ලබාදීමට අපි කටයුතු කළ යුතුයි.

 

Post Views: 4
Previous Post

මාර්ග 341 ක් සංවර්ධනය කිරීමේ කටයුතු රටපුරා ඇරඹේ

Next Post

මහර බන්ධානාගරයේ වෙඩි තැබිමකින් රැඳවියෙකු ජිවිතක්ෂයට

editor

editor

Next Post

මහර බන්ධානාගරයේ වෙඩි තැබිමකින් රැඳවියෙකු ජිවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved