දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතර ප්‍රදේශයේදී අද (26) රාත්‍රියේ බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් දරුණු රිය අනතුරක් සිදුව තිබේ. පොලිස් වාර්තාවලට අනුව මෙම අනතුර වාර්තා වී ඇත්තේ රාත්‍රී 8:29ට පමණය.
අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන මංතීරුවල රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති අතර, මේ වන විට එම ප්‍රදේශයේ විශාල වාහන පෝලිමක් නිර්මාණය වී ඇත. රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලිසිය මැදිහත් වී කටයුතු කරන අතර, කොළඹ දෙසට ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස හෝ ප්‍රවේශමෙන් ධාවනය කරන ලෙස දැනුම් දී තිබේ.
අනතුරින් සිදුවූ ජීවිත හානි හෝ තුවාල ලැබූවන් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර, අධිවේගී මාර්ග පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














