අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වෙන තීරණාත්මක ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ජනාධිපති ට්‍රම්ප් අද බීජිං නුවරට පැමිණියේය. බීජිං අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූ ඇමරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් චීන රජය විසින් අති උත්කර්ෂවත් පිළිගැනීමක් සූදානම් කර තිබුණි.
චීන උප ජනාධිපති හන් සෙං ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපතිවරයාව ගුවන් තොටුපළේදී නිල වශයෙන් පිළිගත් අතර, හමුදා උත්තමාචාර සහ තූර්ය වාදක කණ්ඩායම්වලින් සමන්විත අභිමානවත් උත්සවයක් ද එහිදී පැවැත්විණි. දෙරටේ ජාතික ධජ අතැතිව සිටි 300කට අධික චීන තරුණ තරුණියන් පිරිසක්, අමෙරිකානු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පෙළගැසී සිටි අයුරු දක්නට ලැබිණි.














