පසුගිය වසර හතරක කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් දහසකට අධික ප්‍රමාණයක් රට හැරගොස් ඇති බව ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. එසේම තවත් වෛද්‍යවරුන් සැලකිය යුතු පිරිසක් ඉදිරියේදී රට හැරයෑමට සූදානමින් සිටින බව ද ඔහු අනාවරණය කරයි. මේ හේතුවෙන් දිවයින පුරා පවතින ප්‍රධාන පෙළේ රෝහල් මෙන්ම ග්‍රාමීය රෝහල්වල ද සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට ඉදිරි කාලයේදී දැඩි දුෂ්කරතා මතු විය හැකි බවට ඒ මහතා අනතුරු අඟවයි.
වසර ගණනාවක් පුරා මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ සේවය කළ පළපුරුදු නිර්වින්දන වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් මෙන්ම තරුණ වෛද්‍යවරුන් රැසක් විදේශීය වෛද්‍ය විභාග සමත් වෙමින් මෙලෙස මෙරටින් පිටව ගොස් තිබේ. වෛද්‍යවරුන් මෙලෙස සීඝ්‍රයෙන් රට හැර යෑම නිසා දැනට රෝහල්වල ඉතිරිව සේවය කරන වෛද්‍යවරුන්ට තම සාමාන්‍ය රාජකාරිවලට අමතරව අධික වැඩ ප්‍රමාණයක නිරත වීමට සිදු වී ඇති බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.















