• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඖෂධ හිඟය අවසන් : අත්‍යාවශ්‍ය ඖෂධ 310ක් ආනයනය කරයි

26 February 2020
in දේශීය

රජයේ රෝහල්වල හිඟයක් ඇතිවිය හැකි අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 310 ක් හිදිසි මිලදී ගැනීම් යටතේ කඩිනමින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා සෞඛ්‍ය අනුමැතිය පවිත්‍රා වන්නිආරච්චි  ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මෙම අත්‍යවශ්‍ය ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 600 ක් පමණ වේ.

මෙරට ප්‍රධාන වශයෙන් ඖෂධ සපයන ඉන්දියාව සහ බංගලාදේශය යන රටවලට ගොස් මෙම ඖෂධ මිලදී ගැනීමට තීරණය කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ එම ඖෂධ මිලදී ගැනෙනු ඇත.

මෙම ඖෂධ මිලදී ගැනීමේ ප්‍රතිසම්පාදන ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය  අමාත්‍යාංශය රජයේ ඖෂධ නීතිගත සංස්ථාවෙන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනවල නිලධාරී කණ්ඩායමක්ද පිටත් කර යැවීමට නියමිතය.

මේ වසරේ පළමු කාර්තුවට අවශ්‍ය ඖෂධ මෙසේ මිලදී ගනු ලබන අතර එය සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගැනීමට මාස 11 ත් 14 ත් අතර කාලයක් ගතවනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

හදිසි මිලදී ගැනීම් යටතේ වුවද මෙම ඖෂධ මිලදී ගැනීමට දින 60 ක් 90 ක් අතර කාලයක් ගතවනු ඇතැයි අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ඖෂධ රාජයේ ඖෂධ සංස්ථාව හරහා ගෙන්වා ගැනීමට ගියවසරේ රුපියල් කෝටි 4100 ක පමණ ඇණවුම් නිකුත් කර ඇතැත් ඖෂධ සංස්ථාවට ඒ සඳහා වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 2500 ක පමණ මුදලක් බවද සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කැබිනට් මණ්ඩලයට වාර්තා කර ඇත.

රාජයේ රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් පවතික අතර ගිය වසරේ වෙන් කරන ලද මුදල් ප්‍රමාණවත් ලෙස නොලැබීම මෙම ඖෂධ හිඟයට බලපා ඇතැයි ඇමැතිවරිය පෙන්වා දී ඇත.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් හිඟ ඖෂධ වර්ග 310 ක් හදිසි මිලදී ගැනීම් යටතේ වහාම ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

Post Views: 11
Previous Post

බුස්සේ සෙල්ලම් ඉවරයි : STF වැඩේ අතට ගනියි !

Next Post

තේ ගොවියා කබලෙන් ලිපට… – මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

editor

editor

Next Post

තේ ගොවියා කබලෙන් ලිපට... - මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved