27 April 2024
#ක්‍රීඩා

ඩී එස් අයි වොලිබෝල් ශූරතාව වෙන්නප්පුව ධම්මිස්සරයට

ඩී එස් අයි super sport අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් තරග ඊයේ (04) මහරගම තරුණ සේවා සභාව පරිශ්‍රයේදී පැවැත්වුණා . ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළු මැති ඇමැතිවරු කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් .

වයස අවුරුදු 19න් පහළ බාලක ශූරතාවය වෙන්නප්පුව ධම්මිස්සර ජාතික පාසලට හිමිවූ අතර අනුශූරතාවය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට හිමි වුණා .වයස අවුරුදු 19න් පහළ බාලිකා ශූරතාව දිනා ගත්තේ ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයයි.මහඋස්වැව ශ්‍රී රතනපාල මහා විද්‍යාලය අනු ශූරතාව දිනාගනු ලැබුවා

Leave a comment

Your email address will not be published. Required fields are marked *