• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලුත් හුස්මක් දෙන්න දුමින්ද සුදානම්

13 January 2021
in දේශීය

අලුත් හුස්මක් බලාපොරොත්තු වෙන අයට ඉක්මණින් අලුත් හුස්මක් ලබාදීම අපගේ බලාපොරොත්තුව බව සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පිළිකාවක් එහි මූලික අවස්ථාවේදීම හදුනා ගැනීමටත් ශරීරය තුළ එහි ව්‍යාප්තිය අනාවරණය කර ගැනීමටත් වර්තමානයේ භාවිතා කරන ක්‍රමවේදයක් වන PET පරිලෝකනය සේවාව ලබාගැනීමට හැකිවන ලෙස FDG ඖෂධය ශ්‍රී ලංකාව තුළම නිපදවීම වෙනුවෙන් පරමාණුක බලශක්ති මණ්ඩලය, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හා අනුබද්ධව ආරම්භ කිරිමට නියමිත ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, සහ වෛද්‍ය සැපයුම් අංශය අතර මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරිණි.

මේ යටතේ මෙම ඖෂධය නිපදවීම සදහා ශ්‍රී ලංකාව තුළ සයික්ලොට්‍රෝනය නැමැති උපකරණය ස්ථාපිත කරනු ඇත. මේ අනුව FDG ඖෂධය දේශීයව නිෂ්පාදනය කිරීමේදී ඒක රෝගියෙකු සදහා රු. 14,000 ක් වැනි අවම පිරිවැයකට ඖෂධය ලබාදිය හැකිවන අතරම FDG ඖෂධය දේශීයව නිෂ්පාදනය කිරීම මගින් අප රට තුළ PET මධ්‍යස්ථාන 20 ක් පමණ ස්ථාපනය කිරීමට හැකිවේ.

මෙහිදී වැඩිරටත් අදහස් දැක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,” දෛනිකව පිළිකා රෝගීන් විශාල සංඛ්‍යාවක් මිය යනවානම්, රජයක් වශයෙන් අපි ඒ සදහා පිලියමක් සෙවිය යුතුයි. සෞඛ්‍ය අංශ පැත්තෙන් බැලුවම, ඒ සදහා ගතයුතු පියවර භහුතරයක් පිළිකා රෝගින්ට ගන්න බැහැ. ඒ ඔවුන්ගේ දුර්වල ආර්ථික ශක්තිය නිසා. 2020 දෙසැම්බර් 20 අපි තීන්දු කළා ජනවාරි 15 වෙද්දි මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගිවිසුම්ගත වෙන්න ඕන කියලා. දින 2 කට කලින් අද අපට ඒ දේ කරන්න පුළුවන් උනා. රාජ්‍ය සේවයේ තීන්දු තිරන ගන්න ටිකක් අමාරුයි. ඒ අපේ රාජ්‍ය සේවය ගතානුගතික්වය සහ අලුත් දේට අත තියන්න බිය නිසා. අතිගරු ජනාධිපතිතුමාගේ අලුත් ගමනත් සමගින් අපේ රාජ්‍ය නිලධාරීන් වෙනස් වෙමින් සිටින නිසා මේ වනවිට අපි සමග හොද කණ්ඩායමක් සිටිනවා මෙම කාර්යයන් නිසි පරිදි මේ ආකාරයෙන් ඉටු කරගන්න.

 

වර්ෂයකට මිලියන 100 ක් වැය කරනවා මේ පරික්ෂාවට අවශ්‍ය විකිරණශීලී ද්‍රව්‍ය ගන්න. රෝගින් වර්ෂයකට 1800 ක් පමණ පරීක්ෂාවට ලක් කරනවා. නමුත් දැන් මෙම යන්ත්‍රය ස්තාපිත කිරීමෙන් වර්ෂයකට පිළිකා රෝගීන් 30,000 ක් ලියාපදිංචි වුණොත්, ඒ සියල්ලන්ටම මෙම මිලියන 100 ඇතුළත ප්‍රථිකාර කිරීමේ හැකියාව පවතිනවා. මේ වනවිට මෙම යන්ත්‍ර 03 ක් පමණයි රටේ තිබෙන්නේ. ඉදිරියේදි රාජ්‍ය අංශයට තවත් යන්ත්‍ර 07 ක් ස්ථාපිත කරන්නත්, පෞද්ගලික අංශයට තම ආයෝජන මත මෙම සේවාව ලබාගන්නත් හැකිවේවි. අපට තව වර්ෂ කීපයක් යනවිට අපේ රට පිළිකා වලින් මියයන ප්‍රමාණය අවම රටක් බවට පත්කරනවා. ඒ තුළින් බලාපොරොත්තු සුන්වුණූ සමාජයක් නොව බලාපොරොත්තු වලින් ‍් ජීවිත අපේක්ෂාවෙන් පිරුණ සමාජයක් සහිත රටක් බවට පත් කරන්නට අපට හැකිවේවි. යැයි පැවසීය.

 

නොවැලැක්විය හැකි හේතුවක් මත මෙම අවස්ථාවට සහභාගී නොවූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විශේෂ පණිවිඩයක් මගින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිය හෘදයංගම සුභාශිංසන පළකරමින්, කොවිඩ් මාරයා දිනකට එක් ජිවිතයක් බිලිගනිද්දී, පිළිකාව තුළින් දිනකට ජීවිත 38 ක් පමණ අහිමි වන බවත් එතුළින්ම මේ ව්‍යාපෘතියේ වැදගත්කම ඉතා පැහැදිළි වන බවත්, මේ වසංගතය නිමවී ආපසු හැරී බලන විට කඩාවැටුණ ජාතියක් වෙනුවට අභියෝග මැද හිටියාට වඩා යම් පමණකින් හෝ ඉදිරියට ගිය ජාතියක් දැකීමට ලැබෙනවානම්, එය කලුවළාවක රිදී රේඛාවක් වන බවත් පැවසීය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ආනයනික ඹෟෂධ වෙනුවෙන් වන විදේශ විනිමය ඉතිරිකර ගැනීමත්, ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ සෟජුවම ශ්‍රී ලාංකීය පුරවැසියන්ට ලබාදීමට සිදුකරන ක්‍රියාවලියක් වශයෙන් මෙම අධිමානුශීය ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සදහා ඉහළ කැපකිරිමක් සිදුකල දුමින්ද දිසානායක, චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරුන්ට සිය සහෝදරාත්මක කෘතවේදීත්වය පළකරන බව පවසන අමාත්‍යවරයා, බුදුදහමට අනුව තවත් කෙනෙක් වෙනුවෙන් දියහැකි උතුම්ම දෙයනම් නිරෝගී සුවය බවත්, තම සහෝදර පුරවැසියන්ගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් උතුම් පිවිතුරු චේතනාවෙන් අරඹන මෙම සත්කාර්යයට සමස්ත පුරවැසියන්ගේම ආශිර්වාදය හිමිවන බව නියත බවත් පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ලෝකයේ රටවල් 189 ක් අතරින් ශ්‍රී ලංකාව 72 වන ස්ථානය ලබාගෙන උසස් මානව සංවර්ධනයක් ඇති රටක් වශයෙන් ශේණිගත කර තිබූ අතර, ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවයේ ඓතිහාසික සංදිස්ථානයක් වන අද දින ආරම්භ වන මෙම ක්‍රියාවලිය තුළින් මානව සංවර්ධන දශකයේ තවත් ඉහළට යාමට හැකිවන බවත්, මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට සිය හෘදයාංගම සුභාශිංසන පිරිනමන බවත් පවසයි. එසේම මෙවැනි වැදගත් අවස්ථාවකට සහභාගීවීමට නොහැකිවීම සම්බන්ධයෙන් තම ශෝකය පලකළ අමාත්‍යවරයා, පිළිකාවෙන් දුක් විදින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික සහෝදර ජනතාවට මෙතුළින් යම් සහනයක්, වැඩි ආයුෂක් හිමිවේවා යැයි ප්‍රාර්ථනා එක් කළේය.

මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය පිළිබද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා, සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන රාජ්‍ය අමාතයාංශ ලේකම් හේමන්ත සමරකෝන්, විදුලිබල අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ඹ්ෂධී අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, සහ වෛද්‍ය සැපයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

Post Views: 16
Previous Post

සුවසැරිය කාර්ය මණ්ඩලය ගැන රාජ්‍ය ඇමැති සුදර්ශනීගේ අවධානය

Next Post

පාර්ලිමේන්තුවේ පී සී ආර් පරීක්ෂණ 463 ක්

editor

editor

Next Post

පාර්ලිමේන්තුවේ පී සී ආර් පරීක්ෂණ 463 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved