එල්නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් පවතින උග්‍ර වියළි කාලගුණය නිසා දිස්ත්‍රික්ක 7ක පවුල් 35,149කට අයත් පුද්ගලයින් 115,534ක් පානීය ජල හිඟයකට මුහුණ දී සිටින බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
මින් වැඩිම බලපෑමක් මොණරාගල, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් වාර්තා වන අතර, පීඩාවට පත් ජනතාව වෙත පානීය ජලය බෙදා හැරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, ඉදිරි සැප්තැම්බර් මස අග දක්වාම මෙම වියළි කාලගුණ තත්ත්වයත් සමඟ පානීය ජලය නොමැතිව පීඩාවට පත්වන පවුල් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එම මධ්‍යස්ථානය අනතුරු අඟවා සිටී.
පානීය ජල පහසුකම් ලබාගැනීමේ යම් ගැටළුවක් පවතී නම්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ **0716 807807** යන දුරකථන අංකය වෙත කඩිනමින් දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














