• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැඩිහිටියන් පවුල තුල සංරක්ෂණය කළ යුතුයි – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

25 January 2021
in දේශීය

වැඩිහිටියා රටේ ජ්‍යෙෂ්ඨතම පුරවැසියා වන අතර ඔවුන්ගේ අනාගත ආරක්ෂාව සදහා කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙලක් සකස් කිරීම අත්‍යාවශ්‍ය බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු පිළබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඒ අනුව වැඩිහිටියන් පවුල තුළ සංරක්ෂණය කළ හැකි ක්‍රමවේදයකට බලකළ යුතු බව ඇය කියා සිටියේ බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි වැඩිහිටි මහලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

තම ලෙය, කඳුළ, දාඩිය, ශ්‍රමය, මුදල් හා ජවය කැපකර අපේ පරම්පරාව සකස් කළ වැඩිහිටියන්ට අවශ්‍ය ආදරය, රැකවරණය, ආරක්ෂාව, පෝෂණය, සුබසාධනය ලබාදීම මෙන්ම කොන්කර දැමීම නොසලකා හැරීම වැනි පීඩාවන්ගෙන් ඔවුන්ව මුදාගත යුතු අතර වැඩිහිටියන්ට අවශ්‍යව ඇත්තේ ආහාර, බෙහෙත්, ඇඳුම් රැකවරණයට වඩා තම පවුලේ ආදරය බව අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලදි.

වැඩිහිටි තැනැත්තන් රැකබලා ගන්නා පෞද්ගලික ආයතන ගණනාවක් රටතුළ පවතින බවත් ඇතැම් එ්වායේ ගුණාත්මකභාවය පිළිබද සතුටුවිය නොහැකි බවත් සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරිය එම ආයතන නියාමනයකට ලක්කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වාදෙන ලදි. වැඩිහිටි පනතේ යම් යම් සංශෝධන සිදුකල යුතු බව සදහන් කළ අමාත්‍යවරිය වැඩිහිටි කමිටු සක්‍රිය කිරීම, සුව සහන වැඩිහිටි රෝගාධාර ක්‍රමය කඩිනම් කිරීම මෙන්ම වැඩිහිටි හැදුනුම්පත් ලබාදීම, වැඩිහිටි ආධාර ලබාදීම කඩිනම් කිරීම ආදී කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡා කරන ලදි.

වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් ලංකාව පුරා වැඩිහිටි කමිටු 11935ක් පිහිටුවා ඇති අතර ආයතනය යටතේ සෘජුවම පාලනය වන වැඩිහිටි නිවාස ගණන 02කි.

මෙම සාකච්ඡාව සදහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (වැ.බ) චන්දන රණවීර ආරච්චි යන මහත්වරු ඇතුලු වැඩිහිටි මහලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගී විය.

Post Views: 20
Previous Post

නව්‍යකරණ කැමරා සහ මෙහෙයුම් විශේෂාංග සමගින් එන VIVO Y SERIES

Next Post

බස්නාහිර, සාමාන්‍ය පෙළ සිසුන්ගේ පාසල් පැමිණීමේ සාධනීය තත්ත්වයක්

editor

editor

Next Post

බස්නාහිර, සාමාන්‍ය පෙළ සිසුන්ගේ පාසල් පැමිණීමේ සාධනීය තත්ත්වයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved