• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අඩු ආදායම්ලාභී නිවාස වෙත විදුලිය ලබා දීම ඇරැඹේ

22 March 2021
in සංවර්ධන
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

සමෘද්ධිලාභී නිවාස වෙත විදුලිය පහසුකම් ලබා දීම සඳහා ක්‍රියාත්මක දැයට එළිය ජාතික වැඩසටහනේ මුල් අදියර ඇරඹෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අලුත් අවුරුද්දට පෙර තෝරා ගත් අඩු ආදායම්ලාභී නිවාස වෙත ආසන්නතම කණුවේ සිට විදුලි සැපයුම ලබා දීම සිදු කෙරේ.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙරුප්පන්කුලම ග්‍රාමයේ දී පසුගිය 20 වනදා මෙම වැඩසටහන සඳහා විදුලි බල අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව දායකත්වය ලබා දෙමිනි.

මේ යටතේ විදුලි බල මණ්ඩලය මගින් ආසන්නතම කණුවේ සිට නිවාසය වෙත විදුලිය ලබා දීම නොමිලේ සිදු කෙරෙන අතර නිවාස අභන්තර පරිපථ සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබා දීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ. ඒ වෙනුවෙන් සමෘද්ධිලාභීන් වෙත 4% සහන පොලී අනුපාතයක් යටතේ රුපියල් 20,000/= ණය මුදලක් සමෘද්ධි බැංකු මගින් නිකුත් කෙරේ.

එහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා “පස් වැනි විධායක ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සැමට විදුලිය ලබා දීම සඳහා ආරම්භ කළ වැඩසටහන 2015න් පස්සෙ අඩාල වෙලා ගියා. යහපාලන සමය තුළ යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක වුණත් ඒ සියල්ල සිදු වුණේ දේශපාලන හිතවත්කම් මත. ඒ නිසා තමයි විදුලිය පහසුකම් නොමැති 80,000ටක අධික නිවාස ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන්නෙ. 2021 වසර අවසන් වන විට ඒ නිවාස වෙත විදුලිය ලබා දීම අපි අවසන් කරනවා. එහි මුල් අදියර තමයි මේ විදියට සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර නිවාස වෙත විදුලි රැහැන් ඇදීමෙන් ආරම්භ වෙන්නෙ. කනුවේ සිට නිවස දක්වා විදුලිය නොමිලේ ලැබුණට අපි දන්නවා නිවාස අභ්‍යන්තර විදුලි පරිපථ සකස් කර ගන්න ආර්ථික ශක්තියක් නැති පිරිස ඉන්නවා. ඒ අනුව අපි තීරණය කළා. සමෘද්ධි බැංකු මගින් ඔවුන්ට සහන පොලී අනුපාතයක් යටතේ ණය මුදලක් දෙන්න. සමෘද්ධි බැංකුව හැර ලංකාවේ කිසිම බැංකුවක් 4% පොලියට ණයට දෙන්නෙ නෑ.”

මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 750කට අධික මුදලක් 2021 අයවැය මගින් විදුලි බල අමාත්‍යාංශය වෙත ලබා දී තිබේ. ඊට අතිරේක මුදලක් වැයවේ නම් එම මුදල ලබා දීමට මුදල් අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකඟත්වය පළ කර ඇති බව ද ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. දරිද්‍රතාව පිටු දැකීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.

අනුරාධපුර සමෘද්ධි දිස්ත්‍රික් අධ්‍යක්ෂ ඩබ්ලියූ.ඒ. වසන්ත, සමෘද්ධි සහකාර අධ්‍යක්ෂ මහින්ද වීරකෝන්, හිටපු අමාත්‍ය එච්.බී සේමසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

Post Views: 14
Previous Post

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ශුරතාව ඉන්දිය ලෙජන්ඩ්ස් පිල හිමිවෙයි

Next Post

ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි

editor

editor

Next Post

ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved