යුරෝපා සංගමයේ (EU) නායකයින් අද සයිප්‍රසයේදී පවත්වනු ලබන විශේෂ සමුළුවකදී යුරෝපයේ ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක නිරත වීමට නියමිතය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ යුරෝපා සංගම් ගිවිසුම්වල පවතින ‘42.7 වගන්තිය’ (Article 42.7) කෙරෙහිය.
මෙම 42.7 වගන්තිය NATO සංවිධානයේ 5 වන වගන්තියට (Article 5) සමාන වන අතර එමගින් යම් යුරෝපා රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත් අනෙකුත් සියලුම සාමාජික රටවල් එම රටට සහාය දීමට බැඳී සිටී. ඇමරිකානු ජනාධිපති ඩොල්න්ඩ් ට්‍රම්ප් විසින් NATO සංවිධානයෙන් ඉවත් වන බවට වරින් වර සිදු කරන ප්‍රකාශ හමුවේ යුරෝපය තමන්ගේම ස්වාධීන ආරක්ෂක පද්ධතියක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී දැඩි ලෙස සාකච්ඡා වේ.
යුරෝපයට තමන්ගේම දෙපයින් නැගී සිටීමට හැකි විය යුතු බව හිටපු NATO මහලේකම් ඇන්ඩර්ස් ෆෝග් රස්මුසන් පවසන අතර යුරෝපා සංගමය විසින් යුක්රේනය සඳහා යුරෝ බිලියන 90ක ණයක් අනුමත කිරීම සහ රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීම පිළිබඳව ද මෙම සමුළුවේදී අවධානය යොමු කෙරේ.














