• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් ඡන්ද පදනමක් නැහැ – ජනපති

3 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (02) පැවති “2023/ 2024 ජාතික නීතිඥ සමුළුව අමතමිනි.

තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි පිහිටුවීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදී ඇති බව නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බවද සඳහන් කළේය.

මීට මාස දහයකට පෙර රට දැඩි ආර්ථිකය අභියෝගයට ලක් වූ අතර එය ඉතිහාසයේ කිසිදා නොතිබූ තත්ත්වයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය සමනය කර ගැනීමට තමා ඇතුළු කණ්ඩායමට කටයුතු කළ බවත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” ජාතික නීති සමුළුව මඟින් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ එහි වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන පළමු අවස්ථාව මෙයයි. ඒ සඳහා නුවරඑළිය සහ මෙම ස්ථානය තෝරා ගැනීම සුදුසු බව මම විශ්වාස කරනවා. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාට නුවරඑළියේ නිවසක් තිබූණා. බාන්ස් ආණ්ඩුකාරවරයා කියන්නෙ කෝපි වගාව සහ අපගේ වැවිලි ආර්ථිකයේ ආරම්භය ප්‍රවර්ධනය කළ තැනැත්තායි. අප අද මෙහි හමුවන්නේ අපේ රට අසාර්ථක රාජ්‍යයක් බවට පත් විය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබි ගෙවී ගිය මාස 10 – 11 කට පමණ පසුවයි. නමුත් මේ මොහොත වන විට අපි රට තුළ නීතිය හා සාමය, දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කර තිබෙනවා.මේ ස්ථාවරභාවය කෙටිකාලීන දෙයක් පමණක් බව අපට වැටහෙනවා. එබැවින් මෙම අභියෝගය ජය ගැනීමට අප තව බොහෝ දුර යා යුතුව තිබෙනවා . මීට මාස දහයකට පෙර මේ රටේ සමස්ථ ආර්ථියකම දැඩි අභියෝගයකට ලක් වුණා. එවැනි තත්ත්වයක් මිට පෙර රට තුළ ඇති වී තිබුණේ නැහැ.
නීතිය හා සාමය ,දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථීක ස්ථාවරත්වය යළි රට තුළ ඇති කිරීමට අප ඉකුත් මාස 10 තුළ කැපවී කටයුතු කළ ද ඉන් අදහස් වන්නේ අප ආර්ථික අර්බුදයෙන් මුළුමනින් මිදී ඇති බව නොවෙයි. තවමත් අපේ ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී තිබෙනවා.පාර්ලිමේන්තුව වේවා, අධිකරණය වේවා, ජනමාධ්‍ය වේවා, පෞද්ගලික අංශයේ පිහිටුවා ගත් වෘත්තීය සමිති වේවා, වෘත්තීකයන් වේවා, අපේ රටේ අති බහුතරයක් ජනතාව සහ රාජ්‍ය පාලකයන් අතර සමස්ත පද්ධතිය පිළිබඳ විශ්වාසයක් නැහැ.

මෙහිදී අදහස් දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා,” පසුගිය වසර කිහිපය තුළ අභියෝග රැසක් මධ්‍යයේ වුවද නීතීඥ සංගමය සාමාජිකයන් එක්රැස් කර විවිධ තේමා යටතේ සම්මන්ත්‍රණ පැවැත්වුණා.
2022 වසරේ එහි තේමාව වූයේ නීති වෘත්තියේ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිනිර්මාණය කිරීම සහ අනුගත වීමයි. ඉන් පසුව මේ වසර මුලදී අර්බුදයක් හරහා ගමන් කිරීමේ – නීතියේ භූමිකාව තේමාව යටතේ අපි එකට එකතු වුණා. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පෙර නොවූ විරූ දුෂ්කරතා, සහ අභියෝගවලට අප සියලුදෙනාට මුහුණදීමට සිදු වුණා. නමුත් මෙම තත්ත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට සහ ඉදිරියට යාමට හැකි සෑම උත්සාහයක්ම ගැනීම අප සියලුදෙනාගේ වගකීම කියා අප විශ්වාසය කරනවා .

නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා” සාම්ප්‍රදායිකව ජාතික නීති සම්මේලනය කැපවී සිටින්නේ නීති වෘත්තියට අදාළව එදිනෙදා මතුවන මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ය. කෙසේ වෙතත්, මෙවර ජාතික නීති සමුළුව 2023/2024 වෙනස් ප්‍රවේශයක් ගෙන තිබෙනවා. රටේ ජාතික අවශ්‍යතා සහ යහපත් අනාගතයක් සඳහා නීති ප්‍රජාවේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අපි මෙවර සමුළුව වෙන්කර තියෙනවා . මෙම ප්‍රයත්නයේදී අපි පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධ වී සිටිනවා. අන් කවරදාටත් වඩා දේශපාලනික සහ ආර්ථික අභියෝගයකට අපේ රට මුහුණ දී සිටින බව නොරහක්. එබැවින් අත්‍යවශ්‍ය නීති පද්ධතියක් සහ ස්වාධීන අධිකරණයක් රට තුළ තිබීම අත්‍යාවශ්‍ය යි. නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම සහ රට අපේක්ෂිත දිශාවට ගෙනයාම සඳහා දූරදර්ශී, විනයගරුක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සහ අපේ රටේ පුරවැසියාගේ අයිතිවාසිකම් මෙන්ම රටේ ආරක්ෂාව සහතික කරන නායකත්වයක් අත්‍යවශ්‍ය යි. අපගේ වෘත්තීය ඉතිහාසයේ ප්‍රථම වතාවට, නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණය කළ යුතු හෝ සංශෝධනය කළ යුතු අංශ පිළිබඳව සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීමට, අපි ජාතික නීති සමුළුව වෙන් කර තිබෙනවා . රටේ දිගුකාලීන සංවර්ධනය සහතික කරන මෙන්ම ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක සිට සංවර්ධිත රටක් කරා ගෙන යන නීති අපගේ නීති පද්ධතියට හඳුන්වා දීමට හා ඒ සඳහා නීති සම්පාදකයන්ට බලපෑම් කිරීමට අවශ්‍ය සහය සහ දැනුවත් කිරීම මෙම සමුළුව මඟින් ලබා දීම අපේ අරමුණයි.

ජාතික නීතිඥ සම්මේලනයේ සභාපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා ” අද ජාතියක් ලෙස අප සිටින්නේ අර්බුදකාරී කාල වකවානුවකයි. මෙය හුදු නීතීඥ ප්‍රජාව එකමුතු කරන සම්මන්ත්‍රණවලින් එකක් නොවෙයි. ප්‍රතිපත්ති සම්පාදකයින්, නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදයක ආරම්භයක් ලෙස මෙම සමුළුව පැවැත්වීමට අපි තීරණය කළේ රට සහ ආර්ථිකය ගොඩ ගැනීම සඳහායි. අප ජාතියක් ලෙස දියුණු වීමට නම් නීති අංශ ව්‍යවසායකත්වයේ වැදගත්කම හඳුනා ගැනීම වැදගත්. ඒ වගේම ව්‍යවසාය සහ ව්‍යවසායකයින් නීතියේ ආධිපත්‍යය ද පිළිගත යුතුයි. මේ සම්බන්ධයෙන් කල්පවත්නා විසඳුම් සෙවීමේදී දේශපාලන නායකත්වය ද ඊට සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්. එවිට මේ සම්මේලනයේ සාර්ථක ප්‍රතිපල අපට ලබා ගත හැකි වෙනවා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නීතිපති සංජය රාජරත්නම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. සමරතුංග, හිටපු අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිඥවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 1
Previous Post

දුමින්දට සමෘද්ධි ඇමැතිකම හම්බ වුනොත් දුප්පත් කම නැති කරන හැටි කියයි

Next Post

බැඩ්මිටන් ක්‍රිඩාව සදහා මාතලේ ක්‍රිඩාගාරය පාසල් ළමුන්ට නොමිලයේ

editor

editor

Next Post

බැඩ්මිටන් ක්‍රිඩාව සදහා මාතලේ ක්‍රිඩාගාරය පාසල් ළමුන්ට නොමිලයේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved